
ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය (SLMTI) ඉදිරිපත් කරන ලෝක සිනමා උළෙල වැඩසටහන මෙවර කලාපය පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. මැයි 24 වැනි බ්‍රහස්පතින්දා සවස 5.30 සිට SLMTI හි ශ්‍රවනාගාරයේදී මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. සිනමාපට දර්ශනයට සමගාමිව පැවැත්වෙන සංවාද මණ්ඩපය සහ සිනමාපටය හඳුන්වාදීම සිදුකරනු ලබන්නේ භූපති නලින් විසින්. කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් මාවතේ අංක 100/A ලිපිනයේ ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය පිහිටා තිබෙනවා.
මෙවර චිත්‍රපටය ලෙස තිරගත කරනු ලබන්නේ “Happy End” චිත්‍රපටයයි. එහි රචකයා සහ අධ්‍යක්ෂවරයා වන්නේ Michael Haneke. චිත්‍රපටය සඳහා Isabelle Huppert, Jean-Louis Trintignant ඇතුළු නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායකවී තිබෙනවා. 2017 Cannes චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට මෙම චිත්‍රපටය සමත්ව ඇති බව සඳහන්. එමෙන්ම 90 වැනි Academy සම්මාන උළෙල සඳහා හොඳම විදෙස් භාෂා චිත්‍රපටය යන අංශයට ඔස්ට්‍රියානු නියෝජනය ලෙස මෙම චිත්‍රපටය ඉදිරිපත් කොට තිබෙනවා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වන්නේ Christian Berger. විනාඩි 107ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය පංශ සහ ඉංග්‍රීසි භාශාවෙන් නිර්මාණය වී තිබෙනවා.