Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

දෙරණ සිනමා සම්මාන –තරු පිරිවරාගත් සම්මාන රාත්‍රිය –සම්මානලාභීන්

$
0
0

හයවැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. විශේෂිත කාණ්ඩ තුනක් යටතේ මෙහි සම්මාන ප්‍රධානය කිරීමට සැලසුම් කොට තිබුනත් අවසානයේ එය කාණ්ඩ හතරක් බවට පත් කිරීමට ජූරිය තීරණය කොට තිබුනා. ජූරියේ සම්මාන කාණ්ඩය, ජනප්‍රිය සම්මාන (Peoples jury awards), හෙට දවසේ සිනමාව (Cinema of tomorrow) ලෙස සම්මාන කාණ්ඩ තුනක් සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වද්දී ඊට අමතරව ජූරියේ විශේෂ සම්මාන (Special jury mention awards) ලෙසත් කාණ්ඩයක් නම් කරමින් ඒ යටතේ සම්මාන ප්‍රධානය කිරීමත් මෙහිදී සිදු කෙරුනා.

සම්මාන උළෙලේ ජූරිය වශයෙන් ප්‍රවීණ ජුරි සභිකයින් පස් දෙනෙක් මෙවර සම්මාන සඳහා ශිල්පින් තෝරා ගැනීම සිදු කළා.  ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසුරිය ජූරියේ සභාපතිත්වය දරන අතර ආචාර්ය සෝමරත්න දිසානායක, ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂ එම්.ඩි.මහින්දපාල, රංගන ශිල්පිනි නදීකා ගුණසේකර, සහ සිනමාවේදී ජූඩ් රත්නම් යන අයගෙන් සැදුම් ලත් ජූරිය මෙම සම්මාන සඳහා ශිල්පින් තෝරා ගැනීම සිදුකළා.

පළමු කාණ්ඩය – ජූරියේ විශේෂ සම්මාන (Special Jury mention)

සචිර විජේසේකර – A / Level චිත්‍රපටය

ලහිරුකා ඒකනායක – A / Level චිත්‍රපටය

කලණ ගුණසේකර – ඉක්කා චිත්‍රපටයේ රංගනය

විසාකේස චන්ද්‍රසේකාරම් – අධ්‍යක්ෂ –  පාංශු චිත්‍රපටය

 

ජනප්‍රිය සම්මාන – Peoples jury awards

ජනප්‍රිය සමාන කාණ්ඩය මෙවර නම්කොට තිබුනේ Peoples jury awards නමින්. මෙම සම්මාන සඳහා ශිල්පින් තෝරා ගැනුනේ ප්‍රේක්ෂක මනාපය අනුවයි. SMS මගින් සහ අන්තර්ජාලය හරහා ලබාගත් මත විමසීමේ දත්ත මත මෙම සම්මාන ප්‍රධානය කිරීම සිදු කෙරුනා.

ජනප්‍රියම නැගීඑන නිළිය – උමාලි තිලකරත්න ( නිනෝ ලයිව්)

ජනප්‍රියම ප්‍රතිවීර චරිතය – ධර්ෂන් ධරමරාජ් (ආලෝකෝ උදපාදි)

ජනප්‍රියම හාස්‍ය රංගනය – ටෙනිසන් කුරේ (කොට උඩ එක්ස්ප්‍රස්)

ජනප්‍රියම ගීතය – මල් කළඹ ළඟ (දේදුනු ආකාසේ චිත්‍රපටය)

වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය – ධර්ම යුද්ධය

ජනප්‍රියම නළුවා  – හේමාල් ගුණසේකර

ජනප්‍රියම නිළිය – යුරේනි නොෂිකා

තුන්වැනි කාණ්ඩය ලෙස මෙවර සම්මාන උළෙලේදී “හෙට දවසේ සිනමාව උදෙසා සම්මාන ප්‍රධානය කිරීම සිදු කෙරුනා.

Cinema of tomorrow – හොඳම කෙටි චිත්‍රපටය

ගණන් ගන්නැති කතාවක් – තිසර මංගල බණ්ඩාර

හොඳම චිත්‍රපටය – Cinema of tomorrow

ඉක්කා – කෞශල්‍ය මාධව පතිරණ

හොඳම මතු බලාපොරොත්තු සහිත අධ්‍යක්ෂවරයා – Cinema of tomorrow

චින්තන ධර්මධාස  – ඇවිලෙන සුළුයි

 

සමාන උළෙලේදී තවත් සුවිශේෂී සම්මානයක් ප්‍රධානය කෙරුනා. ඒ, ජිවිතයේ එක වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයයි. මෙවර මේ සාමානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීණ රංගවේදිනි මාලනී ෆොන්සේකා ශිල්පිනියයි. ප්‍රවීණ රංගවේදිනි අයිරාංගනී සේරසිංහ ප්‍රවීණ රංගධර අමරසිරි කලන්සුරිය නව පරපුරේ ශිල්පී ශිල්පිනියක් පිරිසකගේ හරසර මැද මෙම උත්තමාචාර සම්මානය ප්‍රධානය කෙරුනේ අයිරාංගනී සේරසිංහ රංගවෙදිනියගේ අතින්. එය ඉතාමත් සංවේදී අවස්ථාවක් වුනා. උත්සව සභාව අසුනින් නැගී සිට මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා රංගන ශිල්පිනියගේ සිනමා දිවියට ඔවුන්ගේ උත්තමාචාරය පුදකර සිටියා.

 

ජූරියේ තේරීම් අනුව පිදෙන සම්මාන ප්‍රධානය කිරීමේ කාණ්ඩය (Jury selection) සම්මාන උළෙලේ වඩා වැදගත්ම කාණ්ඩය වුනා. දක්ෂතම ශිල්පින් සඳහා සමාන ප්‍රධානය කලේ මේ කාණ්ඩය යටතේයි. සම්මාන උළෙලේ වැඩිම අවධානයක් හිමිවන කාන්දයත් මෙයයි.

හොඳම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණ – මිලින්ද තෙන්නකෝන් (ආලෝකෝ උදපාදි)

හොඳම නර්ථන වින්‍යාසය – චන්දන වික්‍රමසිංහ (අලි කතාව)

හොඳම ගේයපද සංකල්පනාව – රඹුක්කන සිද්ධාර්ථ හිමි – ආලෝකෝ උදපාදි

හොඳම ගායනය – අමරසිරි පීරිස් (ආලෝකෝ උදපාදි)

හොඳම දෘශ්‍ය ප්‍රයෝග – චත්‍ර වීරමන්, භාරත හෙට්ටිආරච්චි (ආලෝකෝ උදපාදි)

හොඳම කළා අධ්‍යක්ෂණය – සුනිල් විජේරත්න (ආලෝකෝ උදපාදි)

හොඳම වේශ නිරුපනය – ජයන්ත රණවක (ආලෝකෝ උදපාදී)

හොඳම ඇඳුම් නිර්මාණය – කුමාර කරන්දෙණිය (ආලෝකෝ උදපාදි)

හොඳම සහය නළුවා – කුමාර තිරිමාදුර (ධර්ම යුද්ධය)

හොඳම සහය නිළිය – උමාලි තිලකරත්න ( A – Level)

හොඳම සිනමා කැමරා අධ්‍යක්ෂණය – ප්‍රභාත් රොෂාන් (ආලෝකෝ උදපාදි)

හොඳම සංස්කරණය – රංගන සින්හාරගේ (විසිඅට)

හොඳම ශබ්ද පරිපාලනය –  අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සුළඟ ගිනි අරං)

හොඳම අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි (විසිඅට)

හොඳම තිර රචනය – ප්‍රසන්න ජයකොඩි (විසිඅට)

හොඳම නළුවා – ජැක්සන් ඇන්තනි (ධර්ම යුද්ධය)

හොඳම නිළිය – දිල්හානි ඒකනායක (ධර්ම යුද්ධය)

හොඳම චිත්‍රපටය  – විසිඅට – ප්‍රසන්න ජයකොඩි

උළෙලේ හොඳම චිත්‍රපට, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය යන ප්‍රධාන සමාන ත්‍රිත්වයම ලබා ගැනීමට ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ විසිඅට (28) චිත්‍රපටය සමත් වුනා. ඒ අතර හොඳම නළුවා සහ හොඳම නිළිය සම්මාන ද්විත්වයත් හොඳම සහය නළුවා සම්මානයත් දිනා ගැනීමට ධර්ම යුද්ධය චිත්‍රපටය සමත් වුනා. විශිෂ්ට ශිල්පින් අගයමින් පැවැත්වූ සම්මාන රාත්‍රිය තරු පිරුණු රැයක් ලෙස විචිත්‍රවත් වී තිබුනා.

සටහන – නිසංක වෙහෙරදුව

 

 

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>