
SIGNIS සිනමා සම්මාන උළෙල සෑම වසරකම සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් ඇගයීම උදෙසා පැවැත්වෙන්නක්. මෙවරත් මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. සිනමා උළෙලට සමගාමිව තවත් විශේෂාංග කිහිපයක්ද සංවිධාන කිරීමට කටයුතු යොදා තිබෙනවා. සිනමා විචාර කලාව නැංවීමේ සහ නවකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් නවක සිනමා විචාරකයින් සඳහා තරගයක් සංවිධානය කිරීමට SIGNIS සංවිධායකයින් සැලසුම් කොට තිබෙනවා. “ජයවිලාල් විලේගොඩ ආධුනික සිනමා විචාර තරගය ලෙස මෙම තරගය නම්කොට තිබෙනවා.
“ශ්‍රී ලාංකේය ස්වීය අනන්‍යතාව ජාත්‍යන්තර සිනමා තලයේ කූටප්‍රාප්තිය කරා රැගෙන ගිය තුරුණු සිනමා නිර්මාණකරණයේ භාවිතාව අග්‍රේසර කියවීමක්” ලෙස මෙවර තරගයේ මාතෘකාව ලබාදී තිබෙනවා. මෙම මාතෘකාවට අදාලව ආධුනික සිනමා විචාරකයින්ට සිය විචාර රචනාවන් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. සිනමා විචාරය සඳහා ඔබට භාවිතා කළ හැකි උපරිම වචන සීමාව 3000ක්. වචන 3000කට අඩුවන ලෙස ඔබේ සිනමා විචාරය රචනා කිරීමට වගබලාගත යුතුයි. තරගයේ අවසන් දිනය ජුනි මස 20 වැනිදායි. එදිනට පෙර ඔබේ සිනමා විචාර රචනාවන් SIGNIS ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු වනවා. අංක 19, මැල්කම් පෙදෙස, බොරැල්ල, කොළඹ 08 යන ලිපිනයට තැපැල් මගින් හෝ පැමිණ බාරදීමෙන් තරගයට නිර්මාණ ලබාදිය හැකි බවද සංවිධායකයින් දන්වා සිටිනවා. වැඩි විස්තර 0112 693 425 සහ 0718 069 085 යන අංක ඇමතීමෙන් ලබාගත හැකියි.