Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

නිදහසේ පියා –ඩි. එස්. සේනානායක චරිතය රිදී තිරයට ගෙනඑයි

$
0
0

ඉතිහාසය මුලාශ්‍ර කරගත් සිනමා සම්ප්‍රදායක් අපේ රටේ පසුගිය කාලය පුරාම ගොඩනැගුනා. විවිධ ඉතිහාස වෘතාන්ත ජනප්‍රිය සිනමාවට ගෙන ඒමට සිනමා නිර්මාණ කරුවන් කටයුතු කළා. සිනමා ක්ෂේත්‍රයේ විද්වතුන් සහ සිනමාලෝලීන් තුළ පවා මේ පිලිබඳ විවිධ මත නිර්මාණය වුනේ මේ නිර්මාණ සමහරක් අවර ගණයේ නිර්මාණ ලෙස හංවඩු ගසමින්. ඒ කෙසේ වෙතත් ඉතිහාස කතා පුවත් නිර්මාණශීලීව ගොඩනැගූ අවස්ථා නැතුවාම නොවෙයි.

ශ්‍රී ලාංකීය සිනමාවට තවත් ඉතිහාස කතා පුවතක් සිනමාරූපීයව ගෙන ඒමට සුදානම් බව තොරතුරු ලැබෙනවා. නමුත් මේ සාම්ප්‍රදායික ඉතිහාස රජ කතාවක් නම් නොවෙයි. අපේ ඉතිහාස කතා සිනමාව හරහා බොහෝවිට ගොඩනගා තිබුනේ අතීත රජවරුන් ඇසුරේ ගෙතුනු ඉතිහාස කතා මාලාවක්. නමුත් මේ චිත්‍රපටය ඊට වඩා ඉතා මෑත ඉතිහාසය නියෝජනය කරන්නක්. අදින් වසර 100කට මෙපිට මෑත ඉතිහාසයේ අපේ රටේ සිදුවූ දේශපාලනික විපර්යාසයන් සමග එහි මුලාශ්‍ර චරිත ඇසුරේ මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. එහි ප්‍රධාන චරිතය වන්නේ ඩි.එස්.සේනානායක නම් දේශපාලනඥයා වීම විශේෂිතයි. මෙරට අධිරාජ්‍ය සංකල්පයෙන් මිදී “නිදහස්” දේශයක් ලෙස ස්වෛරී බව ලබාගත් 1948 දේශපාලනික විපර්යාසයට මුලිකත්වය ගත්තේ ඔහු බව ඉතිහාසයේ පැවසෙනවා. ඒ නිසාම චිත්‍රපටයේ නම ලෙස යොදාගෙන අත්තේ “නිදහසේ පියා D.S” යනුවෙන්.

පසුගියදා මේ චිත්‍රපටයේ නිළ පුර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීම සිදුවුනා. නිදහසේ පියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ සුනෙත් මාලිංග ලොකුහේවා විසින්. සමන්ත පෙරේරා මෙම චිත්‍රපටය සඳහා සංගීතය නිර්මාණය කොට තිබෙනවා. ආචාර්ය විජේදාස රාජපක්ෂ, මොහාන් ඩිල්මන් ජයරත්න සහ චන්න විකුම් හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් නිෂ්පාදනයෙන් දායකවී තිබෙනවා. මෙරට සිනමා ක්ෂේත්‍රයේ දක්ෂ සහ ජනප්‍රිය නළු නිලියන් රැසක් චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය සපයනවා. ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න, රොෂාන් පිලපිටිය, ජී.ආර්.පෙරේරා, නිශ්ශංක දිද්දෙණිය, හේමසිරි ලියනගේ, ශ්‍රියානි මහවත්ත, ශ්‍රියන්ත මෙන්ඩිස්, සුසන්තා චන්ද්‍රමාලි, සරත් චන්ද්‍රසිරි, ජයලාල් රෝහණ, සාරංග දිසාසේකර, ජනක ප්‍රේමලාල්, ඩග්ලස් රණසිංහ, ජනක ප්‍රේමලාල් ඇතුළු ප්‍රවීණ දක්ෂ නළු නිලියන් රැසක් රණගනයෙන් දායකවී තිබෙනවා. මෑත ඉතිහාසයේ ලියවුනු අභිමානවත් නිදහස් සටන පිලිබඳ සිනමාත්මක අත්දැකීමක් විඳින්නට ප්‍රේක්ෂකයින්ට ඉදිරියේදී අවස්ථාව සැලසේවි.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>