
බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා බොලිවුඩ් වගේම හොලිවුඩ් පුරයේත් පුවත් මවන්නියක් බවට පත්වෙලා. ප්‍රියංකා පිලිබඳ කලින් කලට විවිධ පුවත් මතු වනවා. 2000 වර්ෂයේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳිමත් සමග ඇය පිලිබඳ ලෝකයේ අවධානය යොමු වුනා. ඉන් පසුව බොලිවුඩ් සිනමාවේ ඇය රඟපෑ චරිත බොලිවුඩ් සිනමා රසිකයින් අතර පමණක් නොවෙයි ලෝකයේම අවධානයට ලක් වුනා. ඇය චරිතාංග නිළියක් ලෙස විවිධ චරිත රංගනයේ යෙදෙමින් ඉදිරියට පැමිණියා. අවසානයේ ඇය බොලිවුඩ් සිනමාවෙන් හොලිවුඩ් ලෝකයට අවතීර්ණ වුනා. Alex & Ryan ඇමරිකානු රූපවාහිනී මාලා නාට්‍ය ඔස්සේ මේ දිනවල ඇය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනවා. ඒ නිසාම දැන් හොලිවුඩ් පුරයේත් ප්‍රියංකා අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ වගේම මේ වසරේදී නිකුත් කෙරෙන A kid like Jake නම් වූ හොලිවුඩ් චිත්‍රපටයෙත් ප්‍රියංක ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වනවා.
මේ තොරතුරු ඇගේ රංගන ජීවිතය ගැන නම් නොවෙයි. වයස අවුරුදු 35ක් වූ ප්‍රියංකා වයස 25ක තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන අති බව හොලිවුඩ් පුවත් වාර්තා කරන වෙබ් අඩවි වාර්තා කොට තිබුනා. Nick Jonas නම් මේ තරුණයාත් ප්‍රියංකාත් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට ඔවුන් වාර්තා කොට තිබුනා. ඔහු ප්‍රියංකා සමග අලුත්ම නිර්මාණයට දායක වූ ශිල්පියකු බවත් මේ පුවත් වැලි කියවුනා. නික් ජෝන්ස් ප්‍රියංකා සමග සති අන්ත නිවාඩුවක් ගත කිරීමට ගොස් තිබු බවත් ඉන් පසු යෙදුනු සති අන්තයේ දිනක ලොස්ඇන්ජලීස් නුවරදී ඔවුන් දෙදෙනා රාත්‍රී භෝජනයකට ගොස් සිටි බවත් මේ පුවත් වලින් කියවුනා. “Priyanka and Nick were talking really closely and were very smiley and very happy. They weren’t trying to be private as they were in a pretty public place, but they were talking to people around them, sitting closely and they both just seemed super happy.’’ ලෙසයි මෙම වාර්තා වල සඳහා වුනේ. කෙසේ නමුත් ප්‍රියංකා හෝ නික් මේ කිසිදු ප්‍රකාශයක් කොට නැහැ.