
TV දෙරණ ප්‍රේක්ෂක රසික සිත් ඉතා හොඳින් හඳුනාගත් ටෙලිවිෂන් නාලිකාවක්. ප්‍රේක්ෂකයින් වඩා කැමති රසවින්දනය ලබාදීම TV දෙරණ නිෂ්පාදක කණ්ඩායමේ නිරන්තර උත්සාහය වනවා. දෙරණ Fair & Lovely Star City – twenty 20 වැඩසටහන ආරම්භ වන්නේත් ඒ ක්‍රියාවලියේ ප්‍රථිපලයක් ලෙසින්. වැඩසටහන ආරම්භයේ සිටම දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වුනා. තමා ආදරය කරන ටෙලිවිෂන් තරු ඔවුන්ගේ හැකියාවන් පෙන්වමින් තරග වදින අයුරු ප්‍රේක්ෂකයින් උද්යෝගයෙන් යුතුව බල සිටියා. දැන් මේ වැඩසටහනේ අවසන් අදියරට එළඹ තිබෙනවා. වැඩසටහනේ අවසන් මහා තරගය ජූලි මස 7 වැනිදා පැවැත්වීමට මේ වනවිට සියල්ල සුදානම්.
21 වැනි සියවසේ දෙවන දශකයේ ජනකාන්ත ටෙලිවිෂන් විසිතුර ලෙස වැඩසටහනේ තේමාව සකස් කොට තිබුනේ එය සැබෑවක් බව පසක් කරමින් ජනකාන්ත බවට පත්වන්නට වැඩසටහනට හැකියාව ලැබුනා. තරග කරුවන් රැසක් එකිනෙක පරයා තරග වදින අයුරු ප්‍රේක්ෂකයින් නොඉවසිලිවන්තව බලා සිටියා. දැන් එහි කූටප්‍රාප්තිය එළඹ තිබෙනවා. 7 වැනි සෙනසුරාදා එනම් හෙට දවසේදී පූජා උමාශංකර්, නිහාල් නෙල්සන්, රවීන් කණිෂ්ක, ශලිනි තාරකා, රොනී ලීච්, ශානිකා වනිගසේකර, නිලන්ති ඩයස්, අනුෂා දමයන්ති අවසන් මහා තරගයේ වේදිකාව මත සිය ගැයුම් රැඟුම් ඉදිරිපත් කරනවා ඇති. අවසන් මහා තරගයට තරග වැදීමට සුදුසුකම් ලැබූ යුගල තුනක් එකිනෙකා පරයමින් හෙට දවසේ සිය දක්ෂතා පෙන්වීමට සියල්ල සුදානම්.
දිනක්ෂි සහ ශනුද්රි ප්‍රියසාද් දෙසොහොයුරියන් තරග බිමේ සෑම දිනකම අලුත්ම යමක් ඉදිරිපත් කළ තරගකරුවන් යුවලක්. ඔවුන් අවසන් මහා තරග වේදිකාවේ ප්‍රේක්ෂකයන් විමතියට පත් කිරීමට පුහුණු කටයුතු සිදු කරනවා. අශාන්ති සහ රන්දීර් තමාගේ හඬින් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගත් අපුරු තරගකරුවන් යුවලත් ඔවුන්ගේ උපරිම හැකියාව සමග අවසන් මහා තරගයට සුදානම්. ගායන ක්ෂේත්‍රයේ හොඳ මිතුරු යුවලක් තීක්ෂණ අනුරාධ සහ රොමේෂ් සුගතපාල දෙදෙනාත් Star City ප්‍රේක්ෂකයන් හමුවට අපුරු ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සමග පැමිණීමට ලහි ලහියේ සුදානම් වනවා. මේ තරු විසිතුරු දිගහැරෙන මනරම් රාත්‍රියක් රසවිඳින්න TV දෙරණ ප්‍රේක්ෂක හිතවතුන්ට හෙට (7 වැනිදා) රාත්‍රී 7.30 සිට අවස්තාව උදා වනවා.
ජූලි 7 රෑ 7.30 සිට TV දෙරණ සුසර කරගන්න. තරු දිලෙන ජනකාන්ත ටෙලිවිෂන් විසිතුර අත්විඳින්න.