
තරිඳු ලොකුආරච්චි නිර්මාණය කළ Frozen Heart කෙටි චිත්‍රපටයේ පුළුල්තිර මහජන ප්‍රදර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. මීට පෙර ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් නියෝජනය කොට ඇති මෙම කෙටි චිත්‍රපටය සම්මාන කිහිපයක් දිනාගෙන තිබෙනවා. හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය ලෙස 11 වැනි ෂැන්හයි ජාත්‍යන්තර ශිෂ්‍ය චිත්‍රපට උළෙලේදී සම්මානය දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත්ව තිබෙනවා. චීනයේම පැවති Debieshan Student film festival හිදී හොඳම ශබ්ද පරිපාලනය සඳහා සම්මාන දිනා ගැනීමටත්, 17 වැනි කල්කටා සිනමා උළෙලේදී විශිෂ්ට කුසලතා සඳහා වන සම්මානයක් දිනා ගැනීමටත් මෙම චිත්‍රපටය සමත්වුනා. Los-angalis කෙටි චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයද මෙම කෙටි චිත්‍රපටයට හිමිව තිබුනා. තවත් ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල කිහිපයක් සඳහා Official selection ලෙස නියෝජනය කිරීමට තරිඳු ලොකුඅරච්චිට හැකියාව ලැබෙන්නේ මේ කෙටි චිත්‍රපටය සමගින්.
Frozen Heart කෙටි චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කලේ තරිඳු ලොකුආරච්චි විසින්. එහි රංගනය සඳහා මහේන්ද්‍ර පෙරේරා දායකවී තිබෙනවා. රුවන් කොස්තා කැමරාකරණයෙන් සහ දමින්ද මඩවල සහය අධ්‍යක්ෂණයෙන් මෙම නිර්මාණයට සම්බන්ධ වනවා. ශෂික රුවන් මාරසිංහ ශබ්ද පරිපාලකවරයා ලෙස කටයුතු කළ මෙම නිර්මාණයට කළා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණයෙන් චරිත වික්‍රමතිලක දායකවී තිබෙනවා. වේශ නිරුපන ශිල්පියා වුනේ නාරද තොටගමුවයි. අගෝස්තු 13 වැනිදා තරංගනී ශාලාවේදී පැවති චිත්‍රපටය තිරගත කිරීමේ අවස්ථාවට නිර්මාණයට සම්බන්ධවූ පිරිසෙන් බොහෝ දෙනෙක් එක්ව සිටියා.
චිත්‍රපය නැරඹීම සහ සංවාද මණ්ඩපයක් ලෙස සංවිධාන කොට තිබූ මෙම වැඩසටහන විශේෂ අදහස් දැක්වීම් පහක් සඳහා වෙනකොට තිබුනා. එයින් විශේෂ අදහස් දැක්වීම් තුනක් එම අවස්ථාවට ඉදිරිපත් කෙරුණා. චිත්‍රපට අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය, සිනමා විචාරක සහ භූපති නලින් වික්‍රමගේ සහ කතුවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන නදී වාසලමුදලිආරච්චි එම මූලික අදහස් දැක්වීම් සඳහා එක්ව සිටියා. රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර චිත්‍රපට දර්ශනයෙන් පසුව කෙටි අදහස් දැක්වීමකට සම්බන්ධ වුනා. සිනමා කැමරා අධ්‍යක්ෂ සහ සිනමාව පිලිබඳ කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක සංවාදය මෙහෙයවීම සඳහා සම්බන්ධ වුනා.