Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

වාරණයට එරෙහිව කලාකරුවෝ එක්වෙති

$
0
0

කළා මාධ්‍යන් මත වර්ථමානයේ ක්‍රියාත්මක වන වාරණයට එරෙහිව කලාකරුවෝ සංවිධානය වී තිබෙනවා. පසුගියදා දිගින් දිගටම කළා නිර්මාණ වාරණය කළ අයුරු නිරීක්ෂණය කළ හැකි වුනා. ඒ අතර වේදිකා නාට්‍යක්, ග්‍රන්ථයක් සහ රේඩියෝ නාට්‍ය මාලාවක්ද වනවා. අසංක සායක්කාරගේ මං කෙලින් මිනිහෙක් වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය සඳහා දී තිබු අවසරය ප්‍රසිද්ද රැඟුම් පාලක මණ්ඩලයෙන් ඉවත් කරගනිමින් නාට්‍ය ප්‍රදර්ශනය තහනම් කොට තිබුනා. කේ.කේ. ශ්‍රීනාත් චතුරංග රචනා කළ “බුදුන්ගේ රස්තියාදුව” නම් කෘතියද බෙදාහැරිම සහ අළෙවි කිරීම තහනම් කෙරුනා. මාලක දේවප්‍රිය රචනා කළ රේඩියෝ නාට්‍ය මාලාවකට භාවිත කළ “නිහොන් සැප ලැබේවා” සහ “නිර්වස්තරං පරමං සුඛං” යන නම් හේතුවෙන් එම නාට්‍ය මාලාවද තහනමට ලක්ව තිබෙනවා. මෙම සිදුවීම් ඇසුරේ වාරණයට එරෙහිව හඬ නැගීමට කලාකරුවෝ කටයුතු කොට තිබුනා.

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය අහෝසි කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් මෙලෙස කලාවට සහ කලාකරුවන්ට එරෙහිව සිදුකරන මෙම වාරණය තරයේ හෙලා දකින බව පුවත්පත් සාකච්චාවක් කැඳවමින් කලාකරුවන් ප්‍රකාශ කොට තිබෙනවා. “වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස” මන් මෙම පුවත්පත් සාකච්චාව ඇතුළු ව්‍යාපෘතිය සංවිධාන කොට තිබෙනවා. කලාකරුවන් රැසක් මෙම මාධ්‍ය හමුවට සහභාගිව තිබෙනවා. ප්‍රසන්න විතානගේ, ධර්මසිරි බණ්ඩාරනායක, ලූෂන් බුලත්සිංහල, අශෝක හදගම, උපුල් ශාන්ත සන්නස්ගල, කේ.කේ. සමන් කුමාර, නදීකා බණ්ඩාර, විමුක්ති ජයසුන්දර, රාජිත දිසානායක, බූපති නලීන් වික්‍රමගේ, ප්‍රියන්ත කොඩිප්පිලි, මාලක දේවප්‍රිය, ජෙහාන් ශ්‍රී කාන්ත,
අසංක සායක්කාර, ශ්‍රීනාත් චතුරංග, තුමිදු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, සංජීව පුෂ්පකුමාර, විදර්ශන කන්නංගර, පුබුදු ජයගොඩ, නිර්මාල් රංජිත් දේවසිරි, අතුලසිරි සමරකෝන් ආදී කලාකරුවන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
එසේම ආණ්ඩුවේ කලා වාරණයට විරෝධය දක්වමින් චාන්දනී සෙනෙවිරත්න,  දමයන්ති ෆොන්සේකා, කත්‍යානා අමරසිංහ, හෙන්රි වර්ණකුලසූරිය, මොහන්රාජ් මඩවල, ජයන්ත අමරසිංහ, අජන්ත අලහකෝන්, නදී වාසලමුදලිආරච්චි, මලිත් හෑගොඩ, කළණ ගුණසේකර ආදී කලාකරුවන්ට මේ අවස්ථාවට එක්ව සිටියා.

39851659_1085595141597313_3421437193569173504_n 39899915_1085595101597317_4691366569530359808_n 39916275_1085595901597237_1889571656444149760_n 39919989_1085595288263965_4400955694317043712_n 39945375_1085595858263908_2784400961257340928_n 39970280_1085595061597321_2610460656989634560_n 39983984_1085595324930628_6723433382451085312_n 39985630_1085595018263992_4081068870868140032_n

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>