
ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමරීම නිමිත්තෙන් ඉරාන සිනමා උළෙලක් සංවිධාන කොට තිබෙනවා. “ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සිනමා උළෙල” ලෙස මෙම චිත්‍රපට දැක්ම නම්කොට තිබෙනවා. අගෝස්තු 27, 28 සහ 29 තෙදින දෘශ්‍ය හා ප්‍රසාංගික කලා විශ්ව විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සිනමා උළෙල පැවැත්වෙනවා. ඉරාන ඉස්ලාමිය ජනරජයක් ලෙස ස්ථාපනය කොට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට ඉරාන තානාපති කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. දිනපතා සවස 3.00ට මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදුවනු ඇති.
අගෝස්තු 27 වැනිදා – A cube of sugar
අගෝස්තු 28 වැනිදා – Where are my shoes
අගෝස්තු 29 වැනිදා – Track 143
මෙම චිත්‍රපට ත්‍රිත්වය තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා. ඉරාන සිනමාවට ඇලුම් කරන සිනමා ප්‍රේක්ෂකයින්ට මෙම චිත්‍රපට දර්ශන නැරඹීම සඳහා එක්වන ලෙස ඉරාන තානාපති කාර්යාලය ඇරියුම් කරනවා.