
දේශීය සිනමාවට අලුතින්ම එක්වන සිනමා නිර්මාණ ගැන තොරතුරු cinema.lk හරහා පාඨකයින් වෙත ගෙන එනවා. සිනමාවට අලුතින් නිර්මාණය කෙරුණු නමුත් එතරම් ප්‍රසිද්දියට පත් නොවුණු සිනමාපටයක් ගැන තොරතුරුයි මේ. චිත්‍රපටයේ නම “කළු හිම”. මේ දිනවල දිවයින පුරා සිනමාහල් වල චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා. නේපාලයේ සුන්දර කඳු අතර රූගත කොට ඇති මේ චිත්‍රපටය කඳු තරණයට චාරිකාවක යෙදුනු තරුණ තරුණියන් පිරිසක් මුහුණදෙන අත්දැකීම් වටා ගෙතුනු කතාවකින් යුක්තයි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ උපාලි ගම්ලත් විසින්. මීට පෙර ගුරු ගීතය නමින් චිත්‍රපටයක් නිර්මාණය කළ අධ්‍යක්ෂකවරයා වුනේත් ඔහුමයි. මේ සිනමා නිර්මාණයට නිෂ්පාදනයෙන් දායක වන්නේ නීතිඥ වජිරා රාජපක්ෂ. නිරෝෂන් විජේසිංහ, අයිරාංගනී සේරසිංහ, කවීන්ග පෙරේරා, සුබුද්ධි ලක්මාලි, සුලේකා ජයවර්ධන, ගයනි ගිසන්තිකා, ටිරාන් වික්‍රමසුරිය ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. පුර්ණ ජයශ්‍රී කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ කළු හිම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය ජයන්ත අමරසිංහගෙන්. රෝහණ වීරසිංහ පසුබිම් සංගීතය නිර්මාණයට දායක වනවා. ඔබ තවමත් නැරඹුවේ නැත්නම්, කළු හිම දැන් ඔබට දිවයින පුරා සිනමාහල් වලදී නැරඹීමට අවස්ථාව තිබෙනවා.