
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය තරුවක් මෙන්ම ලෝක රූ රැජිණක්ද වුනු Priyanka Chopra ගැන බොලිවුඩ් සිනමා රසිකයින් ඉතා හොඳින් දන්නවා. ප්‍රියංකා හොලිවුඩ් සිනමාවට සහ රූපවාහිනී මාලානාට්‍ය සඳහා සම්බන්ධ වීමත් සමගම ඇය ලෝක ප්‍රසිද්ද තරුවක් බවට පත් වුනා. නමුත් ප්‍රියංකා චොප්රා කියන චරිතය මේ දිනවල වඩාත් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වන්නේ වෙනත් කාරණයක් නිසා. අතිශය පෞද්ගලික කාරණයක් සම්බන්ධයෙන් රසිකයින් වගේම ඇතැම් මාධ්‍ය පවා ඇය ලුහුබඳිමින් පුවත් මවමින් සිටින අයුරු පසුගිය කාලය පුරාම මාධ්‍ය හරහා වගේම විශේෂයෙන් සමාජ ජාලා (Social media) හරහා දකින්නට ලැබුණු කාරණයක්. මේ සියල්ලට මුල් වුනේ අගේ විවාහ ගිවිස ගැනීම. ප්‍රියංකා ජනප්‍රිය ඇමරිකානු ගායකයකු වුනු NIck Jonas සමග විවාහ ගිවිස ගැනීමෙන් පසු සහ ඊට පෙරත් ඔවුන් දෙදෙනා පසුපස මේ මාධ්‍ය ලුහුබඳිමින් සිටියා. මේ ප්‍රවෘත්තියට වඩා වැඩි අගයක් එක කරමින් ඒ පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් ප්‍රසිද්දියක් ලබාදෙන්නට ප්‍රබලම හේතුවක් වුනේ මේ නව යුවලගේ වයස් පරතරයයි. ප්‍රියංකාට වඩා වසර දහයකින් ඇගේ ස්වාමියා වන නික් වයසින් බාල වීම ඉන්දීය මාධ්‍ය සහ සමහර සිනමා රසිකයින්ට මහත් ජුගුප්සාජනක පුවතක් වී තිබුනා. මේ පිලිබඳ විවේචන සහ ඉතා නින්දාසහගත පුවත් ප්‍රචාරය වෙමින් පැවතුනා සේම ඇගේ අයිතිය සහ ගෞරවය වෙනුවෙන් තවත් කණ්ඩායම් හඬ නගමින් සිටින අයුරු දකින්නට තිබුනා.
කලා ක්ෂේත්‍රයේ ඇය වෙනුවෙන් හඬ නැගූ බොහෝ දෙනෙක් ඇගේ පෞද්ගලික ජීවිතය සමබන්ධයෙන් මෙලෙස වාර්තා සැකසීම දැඩි ලෙස හෙලා දකින බව පවසා තිබුනා. මේ අතර විශේෂිත චරිතයක් වුනේ ජනප්‍රිය සහ දක්ෂ සිනමාවේදියකු වුනු Karan Johar. කරන් පසුගියදා ඉන්දියාවේ ජනප්‍රිය ටෙලිවිෂන් නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් මේ පිළිබඳව දිගින් දිගටම අදහස් ප්‍රකාශ කොට තිබුනා. ප්‍රියංකා සහ නික් වෙනුවෙන් ඔහු මෙලෙස ප්‍රසිද්දියේ අදහස් ප්‍රකාශ කොට තිබුනේ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බව සහ සියලු දෙනා ඒ වෙනුවෙන් හඬ නැගිය යුතු බවද පවසමින්. “දෙදෙනෙක් අතර සම්බන්ධයක් හෝ විවාහයක් කියන්නේ මේ විදිහේ දෙයක් විය යුතුයි කියල නිර්ණායක ඉදිරිපත් කරන්න කාටවත් බැහැ, මම ලිබරල් ප්‍රතිගාමී සහ නිදහස් චින්තකයෙක්, ඔබ විවාහ වෙන පිරිමියා ඔබට වඩා වැඩිමහල් විය යුතුයි කියල කාටවත් කියන්න බහ, කොහොමද අපි එහෙම නිර්නායකයක් ඉදිරිපත් කරන්නේ..?” කරන් එම වැඩසටහනේදී ප්‍රශ්න කොට තිබුනා. දෙදෙනෙක් අතර සම්බන්ධයකදී එකිනෙකා පහසුවෙන් නම්, ඔවුන් අතර අන්‍යෝන්‍ය අවභෝධය සහ විශ්වාසය සහ තිබෙනවා නම් කවුද බාලයා කවුද වැඩිමලා වැනි කාරණා අර්ථවිරහිත බව කරන මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
“දෙදෙනෙක් අතර සම්බන්ධයකදී, විශේෂයෙන් විවාහයකදී බිරිඳ ස්වාමියාට වඩා වැඩිමහල් වීම මට අනුව නම් ඉතාම ධනාත්මක කාරණයක්. නිවසේ කටයුතු බොහොමයක් පාලනය වෙන්නේ කාන්තාව අතින් නිසා අත්දැකීම් වලින් දැනුමෙන් වැඩි කාන්තාවක් ඒ කියන්නේ මුහුකුරා ගිය කාන්තාවක් විවාහයට තෝරා ගැනීම ඉතා හොඳ තීරණයක් කියලයි මම විශ්වාස කරන්නේ” කරන දිගින් දිගටම පැහැදිලි කොට තිබුනා.
කෙසේ නමුත් Nik Jonas මිට වසර කිහිපයකට පෙර ප්‍රසිද්ද වැඩසටහනකදී පවසා තිබුනේ තමා වයසින් වැඩි කාන්තාවන් ඇසුරු කිරීමට ප්‍රිය කරන බවයි. බොහෝවිට තමාගේ බිරිඳ හෝ පෙම්වතිය තමාට වඩා වැඩිමහලු අයෙක් විය හැකි බවට ඔහු එදාත් ප්‍රකාශ කොට තිබුනා. එම වැඩසටහනට දුරකථන මගින් සම්බන්ධ වුනු රසිකයෙක් ඔහුගෙන් විමසා තිබුනේ “වයසින් වැඩිමහලු පෙම්වතියක් තෝරා ගන්නවා නම්, ඇගේ වයස කොපමණ විය යුතුයැයි ඔහු සිතනවාද” යන්නයි. ඒ පිලිබඳ නිශ්චිතව පැවසිය නොහැකි බවත්, එය තවත් බොහෝ කාරණාවන් මත පදනම්ව වෙනස් විය හැකි බවත් පිළිතුරු දුන් ඔහු, තමා ඒ වනවිට ඇසුරු කර ඇති වැඩිම වයසින් යුත් පෙම්වතියගේ වයස 35ක් වූ බවත් පවසා තිබුනා. කෙසේ නමුත් අවසානයේ ඔහු තමාට වඩා 10 වසරකින් වැඩිමහලු ප්‍රියංකා චොප්රා සමග විවාහ වුනා. “ඒ දෙන්නා දන්නවා ඒ යට අවශ්‍ය දේ, ජිවත් වෙන්න අවශ්‍ය කොහොමද කියල ඒ යට සැලසුමක් තියෙනවා, වෙනත් මොනවද විවාහයකදී අවශ්‍ය වෙන්නේ” යනුවෙන් කරන් ප්‍රශ්නකොට තිබුනා.
India Today ඇසුරිනි.