
ප්‍රියංකා චොප්රා කියන්නේ කාලයෙන් කාලයට බොලිවුඩ් වල පුවත් මවන නිළියක්. මෑතක ඉඳන් ඇය බොලිවුඩ් වල විතරක් නොවෙයි හොලිවුඩ් වලත් පුවත් මවන්නියක් වුනා. ඇගේ නිර්මාණ, ඇගේ සමාජ කටයුතු විලාසිතා ඇතුළු බොහොමයක් දේ මාධ්‍යට පුවත් මවන සිදුවීම් වූ බව බොලිවුඩ් රසිකයින් දන්නවා.
මේ කියන්න යන්නේ ප්‍රියංකා ගැන තවත් තොරතුරක්. ප්‍රියංකා විලාසිතා වලට ප්‍රසිද්ද නිළියක්. ඇය නිතර නිතර විලාසිතා වෙනස් කරනවා. ඒ අතර විශේෂ තැනක් ලැබෙන්නේ සපත්තු වලට. ඇගේ සපත්තු අල්මාරිය ඉතා විශාල බව ඇගේ සමීප හිතවතුන් පවසනවා. එහි තිබෙන සපත්තු ප්‍රමාණය කොපමණදැයි කියන්න ඇයවත් නොදන්නවා ඇති කියලයි ඇගේ හිතවතුන් කියන්නේ. ඇය වඩාත් කැමති පාවහන් වෙනස් කරමින් පාවිච්චි කරන්න බවත් ඒවා ඇය වඩා ප්‍රවේසමෙන් රැස්කරන බවත් හිතවත් සමීපතමයින් පවසනවා.