
රූප මාධ්‍ය භාවිතා කරලා විවිධ දේවල් කරනවා, කෙරෙනවා. Music එකකට රූප mix කරලා තවත් අපූරු දේ කරනවා. නිර්මාණශීලි තාරුණ්‍ය තමන්ට කියන්න තියෙන දේ මේ සියල්ල එකතු කරලා හරි අපුරුවට ප්‍රකාශ කරනවා. සාක්ෂි ඕනෑ තරම්. මේ ඒ විදිහේ තවත් එක නිර්මාණශීලි උත්සාහයක්.
Jinidu Praveen නැත්නම් Jinna කරපු අලුත්ම සින්දුව තමයි මේ. තනුව සහ සංගීත අධ්‍යක්ෂණයත් ඔහුගෙමයි. ඒ අපූරු පද ලියවෙන්නේ Lakshitha Prasad Weerasena අතින්. සින්දුවට කරලා තියෙන නිර්මානාත්මක රූප රචනයේ අධ්‍යක්ෂවරයාත් ඔහුමයි. සින්දුවට ගිටාරයෙන් Dilruk Samaradiwakara සම්බන්ධ වනවා. Sudesh Nuwan ඩ්‍රම්ස් වාදනයෙන් දායකවෙලා තියෙනවා. රූප රචනාවට කැමරා අධ්‍යක්ෂණයෙන් Vishwajith Karunarathne සම්බන්ධ වෙනවා. Lahiru Udara Rabel මෙහි සංස්කරණ කටයුතු සිදුකළා.
සුලෝචනා වීරසිංහ, ජෙහාන් අප්පුහාමි, ජිනිඳු ප්‍රවීන් Music video එකට රංගනයෙන් දායකවී තිබෙනවා. වෙනස්ම හැඩයක වචන සහ සංගීතය සහිතව වෙනස් විදිහේ සංගීතමය රූපමය අත්දැකීමක් විඳින්න. පහත වීඩියෝවේ play button එක click කරන්න.