
නාට්‍යවේදියකු සහ නළුවකු ලෙස කලා ලෝකයේ වසර ගණනාවක අත්දැකීම් බහුල ශිල්පියකු වන සුජීව ප්‍රියාල් යද්දෙහිගේ මුල්වරට සිනමාවට පිවිසෙනවා. සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ ප්‍රථම නිර්මාණය “සුපර්ණා” ලෙස නම්කොට තිබෙනවා. සුපර්ණා සිනමාපටය සඳහා තේමාවී තිබෙන්නේ මහපොලව ගහකොළ සහ පරිසරයට ආදරය කරන මනුෂ්‍ය සමාජයක් ගොඩනැගීම සම්බන්ධ කතාවකුයි.
සුපර්ණා මේ දිනවල බංග්ලාදේශ සංචාරයක නිරත වනවා. බංග්ලාදේශයේ ඩකා අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සුදුසුකම් ලැබූ චිත්‍රපටය සමග සුපර්ණා කණ්ඩායමේ කිහිප දෙනෙක් මේ දිනවල ඩකා නුවරට ගොස් සිටිනවා. නිෂ්පාදක වරිය, අධ්‍යක්ෂවරයා සහ එහි ප්‍රධාන නිළිය වන දුලීකා මාරපන ශිල්පිනිය මේ පිරිසට අයත්. ඔවුන් ඩකා නුවර සිනමා උළෙල අතරතුර ලබාගත් සේයාරූ කිහිපයක් අන්තර්ජාලයට එක්කොට තිබුනා.