Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

වරද කාගේද කියල හොයන්න මේක වෙලාව නෙමේ –අශාන් ඩයස්

$
0
0

පසුගිය අප්‍රේල් 21 වැනිදා රටතුළ සිදුවූ ප්‍රහාරයන් මාලාවක් සමග ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් මතුවී තිබෙන්නේ අර්බුධකාරී තත්වයක්. රටම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති මේ මොහොතේ ඉතා අවදානයෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කරන්නැයි තමා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පී අශාන් ඩයස් පවසනවා. cinema.lk වෙත සිය අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“අපිට දකින්න ලැබෙනවා මේ සිදුවීමෙන් පස්සේ බොහෝ දෙනෙක් මේකට වගකියන්න ඕනේ කවුද, වරද කාගේද වගේ ප්‍රශ්න ගැන ලොකු අවධානයකින් කතා කරනවා. වාද කරගන්නවා. ඒ වගකිවයුත්තන් කවුද මොන පාර්ශවයද කියන එක හොයන්න ඕනේ තමයි. හැබැයි මේ ඒකට වෙලාව නෙමෙයි. කවුරු කොහොම මොන අරමුණකින් හෝ කළ වරදින් දැන් මහා විනාශයක් සිදුවෙලා ඉවරයි. නැතිවුනේ මෙරට ගෞරවණියව ජීවත් වූ පුරවැසියන් පිරිසක්. ඒ ගැන අවදානය යොමු කරන එකයි අපි මුලින්ම කරන්න ඕනේ, තවත් ඒ විදිහේ ජීවිත හානි වෙන්න කලින් මේ විනාශය හැකි ඉක්මනින් පාලනය කිරීම වෙනුවෙනුයි රටක් විදිහට අපි එකතු වෙන්න ඕනේ, මේ පවතින අර්බුධකාරී තත්වය neutralize කරගන්න එකයි මෙතැනදී ප්‍රධානම කාරණේ. ඊට පස්සේ එතැනින් එහාට විය හැකි දේ මොකක්ද කියල තේරුම් අරගෙන අවබෝධයෙන් ඒ තත්වයට මුහුණ දෙන්න කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ, නැතුව එකිනෙකට චෝදනා කරගනිමින්, චන්දය දුන්නේ කවුද වගේ දේවල් හොයමින් කාලය කා දැමීම නෙමෙයි” යැයි අශාන් ඩයස් ප්‍රකාශ කළා.

අපි ජාතීන් සියල්ල එකට සමගියෙන් ජිවත් වෙච්ච රටක්. මේ මොහොතේ සියලු ජාතීන්වල යට යුතුකමක් සහ වගකීමක් තියෙනවා මේ අන්තවාදීන් (Extremists) අපේ ජාතියේ හෝ ආගමේ නොවෙයි කියල ප්‍රකාශ කරන්න, ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න. ඒ නිසා මුලින්ම සිදුවීම පාලනය කරගන්න පුරවැසියන් විදිහට එකතුවෙමු. අන්තවාදීන් ප්‍රතික්ෂේප කරමු. ඔවුන්ගෙන් වන විනාශය වලක්වගන්න මුලින්ම අපි ජනතාව විදිහට එකතු වෙමු. තත්වය පාලනය කරගත්තට පස්සේ මේ මජර දේශපාලන සංස්කෘතිය ගැන අපි පියවර ගනිමු. ඔවුන් මෙතෙක් කාලයක් කළ වැරදි වෙනුවෙන් ඔවුන්ට ලැබිය යුතු දඬුවම් දෙන්න අපි ඊට පස්සේ කටයුතු කරමු. මේ සියල්ලෝ අසමත් පාලකයින් බව ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා ඒ අය ගැන තීන්දු ගැනීම අපි ඒ වෙලාවට කරමු. දැනට ඒක ටිකකට පැත්තකින් තියල රටක් විදිහට එකමුතුව මේ අර්බුධකාරී තත්වයෙන් ගැලවෙන්න අවශ්‍ය පියවර ගනිමු” යැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Ashan 1

 

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>