Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

සුදත්ගෙන් ගැටළුවක් – Where’s my route..?

$
0
0

සුදත් අබේසිරිවර්ධන – නිර්මාණවේදියෙක් විදිහට විවිධ ක්ෂේත්‍ර සමග වැඩකටයුතු කළ සහ කරන කෙනෙක්. නාට්‍ය ක්ෂේත්‍රයේ ඔහුගේ හැකියාවන් බොහෝවිට කෙටිනාට්‍ය, රාජ්‍ය නාට්‍ය, යෞවන සම්මාන ආදී නාට්‍ය උළෙල වලදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න හැකියාව ලැබුනා. ඔහු සිය නිර්මාණකරණය පුළුල් කරමින් කෙටි චිත්‍රපට නිර්මාණකරණයට යොමුවුනා. සුදත් අබේසිරිවර්ධන නිර්මාණය කළ “Where’s my route” කෙටි චිත්‍රපටය දෙවැනි දකුණු ආසියානු කෙටි චිත්‍රපට තරගය නියෝජනය කළා. ඒ පසුගිය මාර්තු මාසයේදී. නමුත් ඊට පෙර 2018 වසරේදීත් මේ කෙටි චිත්‍රපටය වියට්නාමයේ පවතී Hanoii International Film Festival, ඉන්දියාවේ බැංගලූරු අන්තර්ජාතික චිත්‍රපට උළෙල, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ආදී චිත්‍රපට උළෙල නියෝජනය කළා.

මාධ්‍යවේදියකු ලෙස රැකියාවක් කරන තරුණයෙක් නීත්‍යනුකුල නොවන ක්‍රමයකට ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් සංක්‍රමණය වීමට උත්සාහ දරනවා. මේ බව දැනගන්නා ඔහුගේ මව එය වලක්වා දෙන ලෙස ඉල්ලන්නේ මසුන් මැරීමේ වෘත්තියේ යෙදෙන ධිවර කණ්ඩායමකට. ඔවුන් මේ තරුණයා සතු සියලු ලිපි ලේඛන විනාශ කරන්නේ ඔහුගේ සිහිනයත් සමගින්මයි. මේ සිදුවීම වටා කෙටි චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.

සුදත්ර අබේසිරිවර්ධන රචනය සහ අධ්‍යක්ෂණය කළ මේ කෙටි චිත්‍රපටයට රන්දික ගුණතිලක, සමිල විදානගේ, ග්‍රේස් තෙන්නකෝන්, අනිල් කුමාර, කෝරලගේ සමන්, සහ බියංක අමරසිංහ රංගනයෙන් දායක වුනා. සංස්කරණය සංඛ මල්වත්තගෙන්. මහින්ද අබේසිංහ චිත්‍රපටයේ කැමරා ශිල්පියා ලෙස කටයුතු කළා. ප්‍රමෝද් එදිරිසිංහ සහය අධ්‍යක්ෂණයෙන් දායක වුන මේ චිත්‍රපටයට චින්තක ලක්මාල් සංගීතය නිර්මාණය කළා. චිත්‍රපටය Agenda 14 නිෂ්පාදනයක්.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>