Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

HOBBS & SHAW දැන් Scope Cinemas සිනමා ශාලාවල

$
0
0

Fast & Furious චිත්‍රපට මාලාව ගැන නොදන්නා සිනමා රසිකයෙක් නැති තරම්. විශේෂයෙන් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රියකරන සිනමා රසිකයින් මේ චිත්‍රපට මාලාවට බොහෝ සෙයින් ඇලුම් කළා. Hobbs & shaw කියන්නේ මේ චිත්‍රපට අතරට එක්වුණු අලුත්ම චිත්‍රපටය. පසුගිය අගෝස්තු 02 වැනිදා සිට ලොව පුරා මේ චිත්‍රපටය තිරගත වනවා.

David Leitch අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට තිර රචනය සිදුකරන්නේ Chris Morgan සහ Drew Pearce විසින්. ඒ, Morganගේ කතාවකට අනුවයි. Dwayne Johnson මේ චිත්‍රපටයේ Luke Hobbs ලෙස චරිත නිරුපණය කරනවා. Deckard Shaw ලෙසින් Jason Statham චරිත නිරුපණයට දායක වනවා. Vanessa Kirby රඟපාන්නේ shawගේ සහෝදරිය ලෙසින්. මාරාන්තික වෛරසයක් ලෝකයට මුදාහැර ලෝකය තම සන්තකයට ගැනීමට උත්සාහ දරන ත්‍රස්තවාදියා ලෙසින් Idris Elba රංගනයෙන් එක්වනවා. Tyler Bates සංගීතය නිර්මාණය කළ චිත්‍රපටයට Jonathan Sela දායක වන්නේ cinematographer විදිහට. ලෝකය පුරා අතිසාර්ථක ලෙස මේ දිනවල චිත්‍රපටය තිරගත වනවා. මිනිත්තු 135ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයට වැයකළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200ක් බව සඳහන්.

ලංකාවෙත් චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුවා. ඒ, කොළඹ “Liberty by Scope cinema” සිනමාහලේදියි. ආරාධිත පිරිස සඳහා පවතී චිත්‍රපටයේ මංගල දර්ශනයෙන් අනතුරුව මේ වනවිට චිත්‍රපටය ලංකාවෙත් සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග තිරගත කෙරෙනවා. ආරාධිත දර්ශනය අවස්ථාවේ දසුන් cinema.lk කැමරාවට හසුවුනේ මෙලෙසින්.

 

Share


Viewing all articles
Browse latest Browse all 2390


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>