
ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධාන කරන කෙටි හා වාර්තා චිත්‍රපට තරගය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශය මුලිකව මේ වැඩසටහන මෙවරත් සංවිධාන කරනවා. මෙම “යොවුන් චිත්‍රපට උළෙල” නැතිනම් “Youth cinematic harvest” සඳහා තරග අංශ දෙකෙන්ම නිර්මාණ බාරගැනීම දැන් සිදුකෙරෙනවා. වයස අවුරුදු 17ත් 35ත් අතර නිර්මාණ කරුවන්හට මෙම තරගයට සහභාගී වීමට හැකියාව තිබෙනවා. 2018 හෝ 2019 වසර වල නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපට හෝ වාර්තා චිත්‍රපට මේ තරගය සඳහා වලංගු වනවා.
කෙටි චිත්‍රපටයක් නම් මිනිත්තු 10ක උපරිමයකට යටත් විය යුතු අතර වාර්තා චිත්‍රපටයක් නම් මිනිත්තු 15ක උපරිමයකට යටත් විය යුතු වනවා. භාෂා මාධ්‍ය සිංහලෙන් නිර්මාණය කළ හැකිවන අතර එසේ නොවන නිර්මාණ ඉංග්‍රීසි උපසිරැසි සහිතව ඉදිරිපත් කළ යුතු වනවා. එක තරගකරුවකු හට එක් අංශයකින් එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකිවන අතර DVD පටයක පිටපත් කළ නිර්මාණයේ පිටපත් දෙකක් සැප්තැම්බර් 30 වැනිදාට පෙර ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශය වෙත බාරදීම කළ යුතු වනවා.
අවසන් වටය සඳහා තරග අංශ දෙකෙන්ම නිර්මාණ 10ක් තෝරා ගැනෙනු ඇති. තෝරාගන්නා නිර්මාණ අතුරින් එක අංශයකින් ජයග්‍රාහකයින් තිදෙනෙක් බැගින් තෝරා ගැනීමට නියමිතයි. පළමු ජයග්‍රාහකයා හට මුදලින් 150,000/= සහ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිලිවෙලින් 100,000/- සහ 75,000/- මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇති. ඊට අමතරව සම්මාන සහතිකපත්‍ර පිරිනැමීමද සිදුවනවා.
කැමරාකරණය, සංස්කරණය, ශබ්ද නිර්මාණය, තිරරචනය, යොවුන් නළුවා, යොවුන් නිළිය, සඳහා මුදල් ත්‍යාග සහ සම්මාන සහතිකපත්‍ර ලබාදීමට නියමිතයි. වැඩි විස්තර www.nysc.lk වෙබ් අඩවියෙන් හෝ 0112847562, 0112850986 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකියි.