
Ceylon society of cinema සංවිධානය මාසික සිනමා දර්ශනයක් සහ සිනමා සංවාදයක් සංවිධාන කරනවා. ඒ වැඩසටහනේ අගෝස්තු කලාපය අගෝස්තු මස 31 වැනි සෙනසුරාදාවේ පැවැත්වීමට නියමිතයි.
මන්දගාමී සිනමාවට ප්‍රවේශයක් යන තේමාව යටතේ මෙවර සිනමා දර්ශනය සහ සංවාදය පැවැත්වෙනු ඇති. Kaili Blues චිත්‍රපටය තිරගත කිරීම සහ ඒ පිළිබඳව සංවාදයක් පැවැත්වීම එදිනට සිදුවනවා. ආරාධිත දේශකයා ලෙස භූපති නලින් වික්‍රමගේ සහභාගී වීමට නියමිත මේ වැඩසටහන සමීර තිලකවර්ධන විසින් මෙහෙයවනු ඇති. අගෝස්තු 31 වැනි සෙනසුරාදා ජාතික චිත්‍රපට සංස්ථාවේ දේශනා ශාලාවට පැමිණෙන ලෙස ඔබට සංවිධායකයින් ඇරියුම් කරනවා. ආසන ප්‍රමාණය සීමිත බැවින් 0703226191, 0778884862 හෝ 0773444429 දුරකථන අංක අමතා ඔබේ පැමිණීම කලින් දැනුම් දෙන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටිනවා.