
දෙවැනි ලෝක යුද්ධය සමයේ සිදුවුනු බිහිසුණු සහ තීරණාත්මක සටනක් සිනමාවට නැගුන බව හොලිවුඩ් සිනමාවට ප්‍රියකරන බොහෝ දෙනා මේ වෙද්දීත් දන්නවා. battle of midway නැතිනම් “midway සටන” මෙලෙස චිත්‍රපටයට නැගෙන්නේ MIDWAY නමින්මයි. 1942 ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා ජපාන සහ ඇමරිකානු ගුවන් සහ නාවික හමුදාවන් මේ සටන මෙහෙයවූ බව ඉතිහාසයේ සඳහන්. 77 වසරකට පසු මේ ඓතිහාසික සිදුවීම සිනමාවට නගන්නේ Roland Emmerich විසින්. Wes Tooke චිත්‍රපටයේ තිරරචන සිදුකොට තිබෙනවා.
Ed Skrein, Patrick Wilson, Luke Evans, Aaron Eckhart, Nick Jonas, Woody Harrelson, Dennis Quaid, Dennis Criss, Jake Weber, Brennan Brown ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. Robby Baumgartner කැමරා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය සංස්කරණය කලේ Adam Wolfe විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 100ක පිරිවැයක් මෙම නිෂ්පාදනය සඳහා වැයකොට ඇති බවත් සඳහන්.
නොවැම්බර් 08 වැනිදා සිට ලොව පුරා මෙම චිත්‍රපටය තිරගත වීම් ආරම්භ වුනා. ශ්‍රී ලංකාවෙත් නොවැම්බර් 09 වැනිදා සිට MIDWAY චිත්‍රපටය තිරගත කෙරෙනවා. චිත්‍රපටය මෙරටට ගෙන්වා බෙදාහරින්නේ Movie works (Pvt) Ltd ආයතනය මගින්.
Nikado cinema – Kadawatha
Liberty Lite – Kollupitiya
Amity Lite – Maharagama
Vista Lite – Ja-Ela
Sky Lite 3D – Matara
Oska Lite – Nittambuwa
MaxX Lite – Moratuwa
New TP 3D cinema – Kaduwela යන සිනමාශාලා ඇතුළුව දිවයින පුරා තවත් සිනමාහල් කිහිපයක MIDWAY චිත්‍රපටය තිරගත වනවා. එමෙන්ම, cinema.lk සමග සිටින සිනමා රසිකයින් වෙත නොමිලේ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලබාදෙන තරගයක් cinema.lk facebook පිටුව හරහා ක්‍රියාත්මක වනවා. තරගයට එක්වන ඔබට චිත්‍රපටය නොමිලේම නැරඹීමට ප්‍රවේශපත් ලබාගැනීමටත් හැකියාව තිබෙනවා. Movie works (Pvt) Ltd ආයතනය ඒ සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනවා.