
චීනයේ Sounds and image challenge සිනමා උළෙල දෙසැම්බර් 03 වැනිදා මැකාඕ නුවරදී ආරම්භ වනවා. ඩොම් පේද්රෝ වී රංග ශාලාවේදී මේ සිනමා උළෙල පවත්වනු ඇති. දෙසැම්බර් 03 වැනිදා ඇරඹෙන සිනමා උළෙල දෙසැම්බර් 10 වැනිදා අවසන් වීමට නියමිතයි.
මෙවර සිනමා උළෙලේ Expanded cinema නමින් නම්කොට ඇති තරගකාරී නොවන අංශය යටතේ ශ්‍රී ලංකික චිත්‍රපට 08ක් තිරගත කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා.
ලංකා බණ්ඩාරනායක – Tradition
චතුමි විදුෂ්කා – The Image
Fathima Shanaz – Hope
නයනි චන්ද්‍රසේකර – Dream Weavers and Viewers
අජන්තා විජේවර්ධන – Beneath Two Ends
කිත්මිණි හේමචන්ද්‍ර – Intimacy
අනෝමා හේමචන්ද්‍ර – Intimacy
අනෝමා හේමචන්ද්‍ර – Blood
දෙසැම්බර් 06 වැනිදා සවස 6 සිට මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන බව දන්වා තිබෙනවා. ලාංකීය කෙටි චිත්‍රපට වල අභිරක්ෂිකාව වශයෙන් ලංකා බණ්ඩාරනායක උළෙලේ කෙටි චිත්‍රපට තරග අංශයේ ජූරි සාමාජිකාවක් ලෙසද කටයුතු කරනවා. එසේම Looking into the diversity නමින් දේශනයක්ද පැවැත්වීමටද ඇය සුදානම්.