Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

“සුනාමි”සහ “ගාඩි”බංගලාදේශයේදී එකට ගැටෙයි

$
0
0

සටහන : උදිත ලක්මාල්

එළඹෙන ජනවාරි 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අග නුවර පැවැත්වෙන 18 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ (Dhaka International Film Festival) ප්‍රධානතම තරගකාරී අංශය වන ආසියානු සිනමා තරඟය (Asian Film Competition) යටතේ තරඟ වැදීමට සෝමරත්න දිසානායකගේ “සුනාමි” (Tsunami) සහ ප්‍රසන්න විතානගෙගේ “ගාඩි” (Children of the Sun) යන සිනමාපට සුදුසුකම් ලබා ඇත. චීනය, ඉරානය, දකුණු කොරියාව, ඉන්දියාව, තුර්කිය, ශ්‍රී ලංකාව ආදි ආසියානු කලාපීය රටවල් 11 කට අයත් දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය 19ක් මෙවර ආසියානු තරඟ අංශය යටතට ඇතුලත් වේ. මෙහිදී මෙම සිනමාපට 19, උළෙලේ පිරිනමන හොඳම චිත්‍රපටය ,හොඳම අධ්‍යක්ෂකවරයා, හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම තිර රචනය හා හොඳම කැමරාකරණය යන සම්මාන වෙනුවෙන් තරඟ වදී. “සුනාමි” සහ “ගාඩි” වලට අමතරව ප්‍රදීපන් රවීන්ද්‍රගේ “සවුන්ඩ්ලස් ඩාන්ස්” (Soundless Dance) යන දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ප්‍රංශ- ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයන් ලෙස තරඟකාරි නොවන “ලෝක සිනමාව” (Cinema of the World) යන අංශය යටතේ තිරගවීමට නියමිත වේ.

දකුණු ආසියානු කලාපය තුල සක්‍රීයව පවතින උළෙලයන් අතුරින් සිව්වන පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට සැලකෙන ඩකා අන්තර්ජාතික සිනමා උළෙල 1992 වර්ෂයේදී ආරම්භ විය. එය 06 වෙනි අදියරේ පටන් (2000 වර්ෂයේදී) තරඟකාරී අන්තර්ජාතික සිනමා උළෙලක් (Competitive International Film Festival) බවට පර්වර්තනය වූ අතර, එතැන් පටන් ගෙවීගිය අදියර දක්වා ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය 09 ක් ( සරෝජා, පාදඩයා, අස්වැසුම, සුළං කිරිල්ලි, සුළඟ ,සමනළ තටු, සංඛාරා, සිරි පැරකුම්, පුතෙකුට) උළෙලේ ප්‍රධාන තරඟකාරී අංශය නියෝජනය කිරීමට සමත්විය. ඒ අනුව සෝමරත්න දිසානායක ඩකා උළෙලේ ප්‍රධාන තරඟකාරී අංශය යටතට සුදුසුකම් ලද සිව්වන අවස්ථාව “සුනාමි” හරහා සටහන් කරන අතර, ප්‍රසන්න විතානගේ එම අංශය නියෝජනය කරන පළමු අවස්ථාව “ගාඩී” හරහා සටහන් කෙරේ. ශ්‍රී ලාංකේය සිනමාපට ද්විත්වයක් උළෙලේ ප්‍රධාන තරඟකාරී අංශය යටතේ එකට තරඟ වදින තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර සෝමරත්න දිසානායකගේ “සරෝජා” සහ ලින්ටන් සේමගෙගේ ” පාදඩයා” 2000 වර්ෂයේදීත්, සෝමරත්න දිසානායකගේ “සමනළ තටු” සහ බෙනට් රත්නායකගේ “සුළඟ” 2006 වර්ෂයේදීත් එකට තරඟ වැදුනි.

අන්තර්ජාතික සිනමා උළෙලයන් (International Film Festivals) ඛාණ්ඩය යටතේ ශ්‍රී ලාංකේය සිනමාපට උදෙසා වැඩිම සම්මාන ගණනක් පුද දී ඇති අන්තර්ජාතික සිනමා උළෙල (ශ්‍රී ලාංකාවෙන් එපිට ස්ථානගත) ඩකා උළෙල වන අතර ,එය ගණනින් 10කි. එහිදී නෙට්පැක්, ෆිප්රෙස්කි, දොන් කුවික්ස්ඔට් යනාදී ස්වාධීන ජූරීන් (Independent Juries) විසින් පිරිනමන සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට සරෝජා, පාදඩයා, අස්වැසුම, සුළං කිරිල්ලි, සංකාරා යන චිත්‍රපට සමත් ඇත. එයට අමතරව උළෙලේ ජනප්‍රියතම චිත්‍රපටයට පිරිනමන ප්‍රේක්ෂක සම්මානය (Audience Award) දෙවතාවක් හිමි කර ගැනීමට සෝමරත්න දිසානායක (සරෝජා- 2000/ සිරි පැරකුම්- 2014) සමත්විය. එහෙත් ඩකා උළෙලේ ප්‍රධාන නිළ ජූරිය (Official Jury) විසින් පිරිනමන සම්මානයගෙන් පිදුම් ලැබීමට මේ දක්වා සමත්ව ඇත්තේ ලින්ටන් සේමගෙගේ “පාදඩයා” (විශේෂ ජූරී සම්මානය-2000) සහ ඉනෝකා සත්‍යාංගනීගේ “සුළං කිරිල්ලි” (හොඳම චිත්‍රපටය, හොඳම නිළිය) යන චිත්‍රපට ද්විත්වය පමණකි.

“ගාඩී” හා “සවුන්ඩ්ලස් ඩාන්ස්” තිරගතවන හතරවන අන්තර්ජාතික සිනමා උළෙල ඩකා උළෙල වන අතර, එය “සුනාමි” තිරගතවන පළමු අන්තර්ජාතික සිනමා උළෙල වේ.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>