Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

2020 පළමු ජාත්‍යන්තර සිනමා ජයග්‍රහණය ”ගාඩි”චිත්‍රපටයට.

$
0
0

සටහන : උදිත ලක්මාල්

ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් 2020 වසරේ අන්තර්ජාතික සිනමා උළෙලක් තුලදී ලද පළමු ජයග්රහණය සනිටුහන් කරමින්, ප්රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ගාඩි” සිනමාපටය ඊයේ බංගලාදේශයේදී නිමාව දුටු 18වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී විශේෂ ජූරි සඳහනකින් (Special Jury Mention) පිදුම් ලැබීමට සමත් විය. උළෙලේ ප්රධානතම තරගකාරී අංශය වූ “ආසියානු සිනමා තරඟය” (Asian Film Competition) යටතේ “ගාඩි” සිනමාපටය තිරගත වූ අතර, ආසියානු රටවල් 11 කට අයත් සිනමාපට 19ක් එකී අංශයට ඇතුලත් විය. ඒ අතුරින් “Castle of Dreams” නම් වූ ඉරාන සිනමාපටය “හොඳම සිනමාපටය” ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, එහිදී ජූරියේ විශේෂ සඳහන ශ්රී ලංකාවේ “ගාඩි” සිනමාපටයට හිමි විය. උළෙලේ එම අංශයේ හොඳම නිළිය සම්මානය ඇෆ්ගනිස්තාන-ඉරාන-ප්රංශ සම නිෂ්පාදනයක් වූ “Hava,Maryam,Ayesha” ට හිමිවිය. හොඳම නළුවා සම්මානය පිලිපීන චිත්රපටයක් වූ “Edward” වෙත පිරිනැමුනි.

“ගාඩි” සිනමාපටය ජාත්යන්තර ජයග්රහණයකට හිමිකම් කියූ පළමු අවස්ථාව මෙය වේ. එසේම මීට පෙර අන්තර්ජාතික සිනමා උළෙල හතරක් (බූසාන්, සැන් ෆ්රැන්සිස්කෝ සවුත් ඒෂියන්, කේරළ ,පූනේ) නියෝජනය කිරීමට “ගාඩී” සමත්ව තිබුනද ,තරඟකාරී අංශයක් යටතේ එය අන්තර්ජාතික සිනමා උළෙලක් නියෝජනය කල පළමු අවස්ථාව මෙය වේ. මෙකී ජයග්රහණයත් සමඟ සිය සිනමා නිර්මාණ වෙනුවෙන් ප්රසන්න විතානගේ ලද ජාත්‍යන්තර ජයග්‍රහණ සංඛ්‍යාව 26 බවට පත්වේ. එය එදා මෙදාතුර ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකු  සිය නිර්මාණයන් උදෙසා අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festivals) ඛාණ්ඩය යටතේ ලද දෙවෙනි වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ සංඛ්‍යාව වේ. (සෝමරත්න දිසානායක – අන්තර්ජාතික සිනමා උළෙලයන්හී ලද ජයග්‍රහණ -27 යි).

[සැ.යු – **සෝමරත්න දිසානායක සිය නිර්මාණයන් (අධ්‍යක්ෂණය කළ) වෙනුවෙන් ලබා ඇති සමස්ථ ජාත්‍යන්තර ජයග්‍රහණ ගණන – 33කි. ඉන් 6ක් අන්තර්ජාතික සිනමා තරඟ උළෙලයන්හිදී (Festivals of International Film Competitions) ලද ඒවා වේ.
**ලලිත් රත්නායකගේ “විෂම භාග” අන්තර්ජාතික සිනමා තරඟ උළෙලයන් (Festival of International Film Competitions) හා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් (Festivals of International Film Awards) යන ඛාණ්ඩයන් ද්විත්වයට අයත් උළෙලහිදී  සම්මානයට ලක් වෙමින් වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ ලද ශ්‍රී ලාංකේය සිනමාපටය බවට පත්වුවද ,එය මේ දක්වා කිසිදු අන්තර්ජාතික සිනමා උළෙලකදී (International Film Festival) සම්මානයට පාත්‍රව නොමැත.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>