Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

ඇසිඩ් පහරකට ජීවිතයක් නැවතිය හැකිද..?

$
0
0

laxmi agarwal කියන්නේ වයස අවුරුදු 29ක තරුණියක්. මොකක්ද ඉතිං වෙනස..? ඒ වයසේ ඕනෑ තරම් තරුණියන් ඉන්නවනෙ, ඔව්. ඉන්නවා තමයි. හැබැයි ලක්ෂ්මි කියන්නේ ඒ හැමෝටම වඩා වෙනස් කෙනෙක්. මොකක්ද ඒ වෙනස.? 1990 ජුනි 01 වැනිදා ඉපදුනු ලක්ෂ්මි 2005 අවුරුද්දේ, ඒ කියන්නේ ඇය වයස අවුරුදු 16ක යුවතියක්ව සිටියදී ඇසිඩ් ප්‍රහාරයකට ලක්වනවා. ඇයි ඒ..? ඒක එහෙම තමයි, මිනීමැරුම් වලින්, පිහි ඇණුම් වලින් නැත්තන් ඇසිඩ් ප්‍රහාර වලින් අවසන් වන ආදර කතා ඕන තරම් තියෙනවා. මේවගේ සිදුවීමකින් පස්සේ තරුණියකගේ ජීවිතේ කොහොම වෙනස් වෙන්න ඇතිද..? විශේෂයෙන්ම ලස්සන රූපයක් තිබුන අවුරුදු 16ක නව යොවුන් වයසේ තරුණියකගේ. ඇය කඩා වැටුණා. ජීවිතය එතැනින් අවසන් කියල ඇයත් හිතුවා. නින්දා අපහාස වින්දා. ඒත් ඇය එක තැනකදී අනික් අයට වඩා වෙනස් වනවා. ඇය සටන් කරන්න පටන් ගන්නවා. ඇය වෙනුවෙන් විතරක් නොවෙයි. මේ විදිහේ ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වුණු බොහෝ තරුණියන් වෙනුවෙන්. ඔවුන්ගේ සුබසාධනය සහ හෙට දවස වෙනුවෙන්. ඇය විශේෂිත වන්නේ අන්න එහෙම.

Meghna Gulzar කියන දක්ෂ සිනමාකරිනියට ලක්ශ්මිගේ කතාව අහන්න ලැබෙනවා. ඇය ලක්ශ්මිව හමුවනවා. ඇය වගේ තවත් තරුණියන්වත් හමුවනවා. ඇගේ කතාව චිත්‍රපටයකට ගේන්න මේග්නා වැඩ පටන් ගන්නවා. Alika Chohan එක්ක ඇය මේ චිත්‍රපටයට පිටපත ලියනවා. පිටපත එක්ක අය Deepika Padukone මුණගැහෙන්නේ චිත්‍රපටයේ ලක්ෂ්මිගේ චරිතය වෙනුවෙන්. ඒ චරිතය බාරගන්නවා වගේම, සම නිෂ්පාදිකාව විදිහටත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න දීපිකා එකඟ වනවා. ඒ 2018 දෙසැම්බරයේ.

2019 මාර්තු මාසේ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වනවා. නවදිල්ලියේ සහ Mumbai වල චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගැනෙනවා. චිත්‍රපටය ගැන පලවෙනි twitter පණිවිඩය නිකුත් වෙන්නේ දීපිකාගෙන්. ඒ 2018 දෙසැම්බර් මාසෙ. එතැන් පටන් චිත්‍රපටය දකින්න ලැබෙන මොහොත වෙනකල් ප්‍රේක්ෂකයෝ බොහොම උනන්දුවෙන් බලා සිටියා. සමහරු විවිධ කතා ගෙතුවා. සමහර ඉන්දීය වෙබ් අඩවි කියන්න පටන් ගත්තා මේ කතාවේ චරිත විකෘති කරලා කියලත්. ඇසිඩ් ප්‍රහාරය සිදුකළ පුද්ගලයා මුස්ලිම් අයෙක් වුනත් චිත්‍රපටයේ ඔහු හින්දු තරුණයෙක් ලෙස පෙන්වනවා කියල අසත්‍ය චෝදනා පවා කළා. නමුත් මේග්නා හෝ මේ කණ්ඩායම ඒ කිසිවක් තැකුවේ නෑ. අවසානයේ අපූරු චිත්‍රපටයක් ලෙස Chapaak ජනගත කෙරුණා.

2020 ජනවාරි 10 වැනිදා සිට චිත්‍රපටය ඉන්දියාවේ වගේම ලෝකය පුරා තිරගත කෙරෙනවා. ඉන්දීය රජය මේ චිත්‍රපටය සියළු බදු ගෙවීම් වලින් නිදහස් කරලා Chhattisgarh, Madya Pradesh සහ Rajasthan ප්‍රාන්ත වල තිරගත කරන්න අවසරය පවා ලබාදුන්නා. ඒ මේ චිත්‍රපටය ඒ තරම්ම බලපෑම් සහගත එකක් නිසා. Deepika Padukone සහ Vikrant Massay දෙදෙනාගේ රංගනය ගැනත් සමස්තයක් ලෙස චිත්‍රපටය ගැනත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙන බව සඳහන්. විචාරක ප්‍රතිකාර පවා ඉහළ මට්ටමක තිබෙන බව පැවසෙනවා.

මිනිත්තු 120ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය වෙනුවෙන් වැයකොට ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 35ත් 40ත් අතර අගයක් වනවා. ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින් වෙනුවෙනුත් මේ චිත්‍රපටය දැන් තිරගත කෙරෙනවා. Chapaak, ඔබ නැරඹිය යුතුම චිත්‍රපට ගොන්නට එකතු කරගත යුතු අපූරු සිනමා නිර්මාණයක්.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>