
ආදරවන්තයින්ගේ දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩ සංවිධාන කෙරෙනවා. තැනක ආදරය ගැන කතා කරනවා. තවත් තැනක ආදරයේ සැබෑ අරුත ගැන විග්‍රහ කරනවා. තවත් තැන් වල සරලව ආදරය සමරනවා. මේ සියල්ල අතරේ ආදරවන්තයින්ගේ දිනය සිනමාවත් එක්ක සමරන්න තවත් පිරිසක් සූදානම් වනවා. ඒ, FAMC සංවිධානය. නැතිනම් Film Makers & Artist Circle සංවිධානය. ආදරය ගැන, ආදරවන්තයින් ගැන ඔවුන් කතාබහ කරන්නේ සිනමාව එකතු කරගෙන. 2013 වසරේ නිර්මාණය වුනු HER චිත්‍රපටය මේ කටයුත්තට ඔවුන් තෝරාගෙන තිබෙනවා.
2013 වසරේ ඇමරිකාවේ නිර්මාණය වන HER චිත්‍රපටය Si-Fi romantic drama film එකක්. රචනය සහ අධ්‍යක්ෂණය Spike Jonzeගේ. Joaquine Phoenix, Scarlett Johansson (Voice), Amy Adams, Roony Mara, Olivia Wilde ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වුනා. Theodore Twombly සහ ඔහුගේ Artificially intelligent virtual assistant වුනු Samantha අතර ගොඩනැගෙන සම්බන්ධය ගැන කතාවුනු අපූරු සිනමාපටයක්. 2014 වසරේ OSCAR සම්මාන උළලේදී හොඳම ස්වතන්ත්‍ර තිරරචනය (Best original screenplay) සහ හොඳම චිත්‍රපටය (Best picture) වෙනුවෙනුත් එම වසරේම Golden Globe සම්මාන උළෙලේ හොඳම තිරරචනය සහ හොඳම චිත්‍රපටය (Comedy or musical) සම්මානත් ඇතුළු තවත් සම්මාන උළෙල රැසකදී සම්මාන දිනාගැනීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබුනා.
2020 පෙබරවාරි 14 වැනිදා සවස 2.30ට කොස්වත්ත, බත්තරමුල්ලේ එදිරිවීර සරත්චන්ද්‍ර නාට්‍ය පුහුණු ආයතනදී මේ චිත්‍රපටය තිරගත කෙරෙනවා. ඒ එක්කම චිත්‍රපටය ගැනත් ආදරය සහ මානව සම්බන්ධතා ගැනත් කතා කරන්නත් ඉඩක් වෙන්වනවා. මූලික අදහස් දැක්වීමට සිනමා විචාරක බූපති නලින් එකතු වෙනවා. චිත්‍රපටය නරඹන්න, ඒ ගැන සංවාදයේ යෙදෙන්න 14 වැනිදාට මේ කටයුත්තට එකතු වන්න කියල FMAC කණ්ඩායම ඔබට ආරාධනා කරනවා. ආදරවන්තයින්ගේ දිනය වෙනස්ම විදිහකට සමරන්න, මේ වැඩේට එකතු වෙන්න.