Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

සනී ලියොන්ගේ ව්‍යාපාරයට සම්මාන හිමිවෙයි

$
0
0

13 වැනි ආසියානු ව්‍යාපාරික සම්මාන ප්‍රධානය පසුගියදා තායිලන්තයේදී පැවැත්වුනා. Asian Business and Social Forum 2020 නමින් පැවැත්වුණු මේ උළෙලේ විශේෂ සම්මාන තුනක් දිනාගැනීමට ඉන්දීය නිළියක වන Sunny Leon සමත් වුනා. ඒ, ඇගේ නවතම ව්‍යාපාරය වෙනුවෙනුයි. සනී ලියොන් ඇගේ සැමියා Daniel Weber සමග එක්ව StarStruck නමින් මේ ව්‍යාපාරය ආරම්භ කළා.

ජනප්‍රිය රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාම අතරට ඉතා ඉක්මනින් එකතු වීමට ඇගේ මේ ව්‍යාපාරයට හැකියාව ලැබුනා. මෙවර තායිලන්තයේ පැවති ආසියානු ව්‍යාපාරික සම්මාන ප්‍රධානයේදී වයස 40ට අඩු කාන්තා ව්‍යාපාරිකාවන් අතුරින් විශිෂ්ටතම කාන්තාවට පිරිනැමෙන සම්මානයත්, Influential Asian Award 2020 සහ ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන ව්‍යාපාරය ලෙස සම්මානයත් දිනා ගැනීමට ඇගේ StarStruck සන්නාමයට හැකියාව ලැබුනා.

“මේ රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ කියන්නෙ හරියට මගේ ප්‍රතිබිම්භයක් වගෙයි. එච්චරටම මේ ව්‍යාපාරය මට බද්ධ වෙලා තියෙන්නෙ. මේ සාර්ථකත්වය ගෙන්න මගේ කණ්ඩායම හුඟක් මහන්සියෙන් වැඩ කළා. ඉතාම දක්ෂ කැපවීමෙන් වැඩ කරන කණ්ඩායමක් මට ඉන්නවා. මම ඒ ගැන ආඩම්බර වෙනවා” යැයි සාම්මාන දිනා ගැනීමෙන් අනතුරුව සනී ලියොන් මාධ්‍ය වෙත පවසා තිබුණා.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>