Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2391

තරිඳුගේ Monkey Man වැඩ අරඹයි

$
0
0

තරුණ සිනමාකරුවන්ගේ අලුත් විදිහේ චිත්‍රපට හැදෙන ප්‍රවණතාව වැඩිවෙලා. මේ හැදෙන අලුත් නිර්මාණශීලි චිත්‍රපට ඉක්මනින් ප්‍රේක්ෂකයාට පෙන්වා ගැනීමේ හැකියාවක් නැතිවීම ලොකු ගැටළුවක් බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් පවසනවා. ඒ අර්බුධ සියල්ල අතරෙත් තරුණ නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ කරන එක නතර කරන්නේ නැහැ. මේ තොරතුරු ඒ වගේ අලුත් චිත්‍රපටයක් ගැන. චිත්‍රපටයට නම දීල තියෙන්නේ Monkey Man කියලයි.

Monkey Man චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් “මුහුරත් උළෙලක්” පසුගියදා විජේරාම රෝයල් තැප්‍රෝබේනියන් අවකාශයේදී පැවැත්වුනා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ තරිඳු දේශප්‍රිය. නිෂ්පාදකත් ඔහුමයි. තිර රචනය කලේ තරිඳු දේශප්‍රිය සහ කලණ ගුණසේකර. චිත්‍රපටයේ කැමරා කාචය ඇඩම් ස්ට්‍රයිනර්ගෙන්. චරිත වික්‍රමතිලක කලා අධ්‍යක්ෂණයෙනුත්, විහඟ විජේසේකර සංගීත නිර්මාණයෙනුත්, මිලින්ද සම්පත් සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙනුත් දායක වන මේ චිත්‍රපටයට සහය අධ්‍යක්ෂණයෙන් නාමල් ගමගේ සම්බන්ධ වෙනවා. අංගරචනය මනනුවන් රූපසිංහ. ඇඳුම් නිර්මාණය නෙළුම් කුරුගලආරච්චි. කළන ගුණසේකර, මනෝජා ෆර්නෑන්ඩු, ලක්ෂ්මන් මෙන්ඩිස්, දසුන් පතිරණ, මධුර ප්‍රභාෂ්වර, උදාර අබේසුන්දර, සංජීව දිසානායක, මදනායක, ධනුෂ්කා ජයරත්න, ලසන්ත ප්‍රමුදිත, ලසන්ත ෆැන්සිස් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.

චායාරූප : ෂෙහාන් කාවින්ද.

Share


Viewing all articles
Browse latest Browse all 2391

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>