Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2376

“ඇවිලෙනසුලුයි”කල් දාන්නේ නෑ –චින්තන ධර්මදාස

$
0
0

 

චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ “ඇවිලෙනසුලුයි” චිත්‍රපටය මාර්තු 13 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලා වල තිරගත වීමට නියමිතව තිබුනා. නමුත් මේ මොහොත වනවිට (2020 – 03 – 12 / 11pm) රටතුළ යම් ආකාරයක නොසන්සුන්තාවක් ඇතිව තිබෙනවා. ඒ COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගින්. මේ තත්වය යටතේ චින්තනගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය තිරගත වීම් සිදුවෙයිද නැතහොත් කල් දැමේවී දැයි සිනමාලෝලීන් අපෙනුත් විමසා සිටියා. මේ සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස ඔහුගේ Facebook පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ, නියමිත පරිදි 13 වැනිදා සිට දිවයින පුරා චිත්‍රපටය තිරගත කෙරෙන බවයි. චින්තන ඔහුගේ Facebook පිටුවේ තැබූ සටහන පහතින්.

*****************************************************************

මොකෝ මචං වෙන්නෙ? මාර සීන් එක නේද? උඹ ඒත් පෙන්නනවද?

කොරෝනා භීතිය හින්ද ෆිල්ම් එක ගැන සංකාවෙන් මගේ යාලුවො අහනවා. මං ඒ ගැන කල්පනා කරලා තිබුන. මට එතකොට මතක් වුනේ ටයිටැනික් නැව ගිලෙද්දි මිනිස්සුන්ට සංගීතය වාදනය කරමින් හිටපු ආර්ටිස්ට්ලා ටික. හැමෝම එකිනෙකාගෙ බොටු මිරිකාගනිමින් ශිෂ්ට මිනිස් පැවැත්ම අමතක කරන මොහොතේදීත් ඒ වාදකයන් නොනවත්වා වාදනය කරනවා.

මචං උන් මතක් කරන්නෙ ශිෂ්ටත්වය. ඒක නේද ආර්ට්වලින් වෙන්න ඕන. සන්නා මට කිව්වා.

රටවල් ඇතුලට වද්දගන්න එපා කියලා දේශ සීමා වහද්දි, මිනිස්සු පොරකකා තමන්ගෙ ගෙවල්වලට බඩු පුරවගන්න අරගල කරද්දි, බස්වල යනගමන් බෙලි මිරිකලා මිනිස්සු පැනලා යන්න හද්දදි, මාස්ක් එකක් හංගන් ඉඳලා වැඩි ගානට විකුනගන්න වෙලෙන්දො දගදාද්දි මං ඇවිලෙනසුලුයි පෙන්නනවා. මරණය ඉස්සරහ ජීවිතේ මතක් කරන එකයි ආර්ට්වල අරමුණ. අශිෂ්ටත්වය, පුද්ගලිකත්වය කරමත්තට එද්දි ශිෂ්ටත්වය මනුෂ්‍යත්වය සිහිපත් කරන එකයි ආර්ට්වල කාර්යය. අඩුම තරමෙ මං විශ්වාස කරන විදිහට.

ඇරත් ව්‍යසන ඉස්සරහ අකුලගන්නවා නං ලංකාවෙ චිත‍්‍රපටි කරන්න බෑ. දැන් කොරොනා. ගිය අවුරුද්දෙ පාස්කු බෝම්බෙ. ඊට කලින් ගංවතුර. හැම අවුරුද්දකම ව්‍යසනයක් එක්ක පොරබදන්න ලංකාවෙ චිත‍්‍රපටිකාරයො ලෑස්ති වෙලා ඉන්න ඕන. ඉතිං මිත‍්‍රවරුනි, හෙට ඉඳන් හෝල් ඇවිලෙන්න පටන් ගන්නවා. මරණ බයේ ඇකිලෙනවා වෙනුවට ජීවිතේ පත්තු කරගන්න එන්න.

චින්තන ධර්මදාස.

Share


Viewing all articles
Browse latest Browse all 2376

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>