Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

කොරෝනා ව්‍යාප්තිය වැළකීමට දිවයින පුරා සිනමාහල් වසාදැමෙයි.

$
0
0

ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද (14 වැනිදා) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි. අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පැවසුවේ නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද සිට වසා තැබෙන අතර විවෘත කෙරෙන දිනය පසුව දැනුම්දෙන බව අමාත්‍යංශ  ලේකම්වරයා පැවසීය.

එසේම ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් නොවන සිනමාහල් පද්ධතීන්ද වසාදැමෙන බව එම ආයතනයන්හි කළමණාකාරිත්වය නිවේදනය කොට තිබේ. ඒ අනුව One Galle Face සාප්පු සංකීර්ණයේ ඇති PVR සිනමාහල් පද්ධතියද අද සිට වසා දැමෙන බව ඔවුන් සිය Facebook පිටුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. Colombo City Centerහි පිහිටා ඇති Scope Cinemas චිත්‍රපට ශාලා පද්ධතියද හෙට සිට වසා තැබෙන බව අප කළ විමසුමකදී එහි කළමණාකාර වරයා සඳහන් කලේය.

නැවත සිනමාහල් විවෘත කරන දිනය පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>