
බොලිවුඩයේ King Khan ලෙස හැඳින්වෙන බොලිවුඩ් නළු Shah Rukh Khan පවතින වසංගත තත්වයෙන් පීඩාවට පත්වූ ඉන්දීය පුරවැසියන්ට සහන සැළසීමට ඉදිරිපත්ව තිබෙනවා. සිය චිත්‍රපට නිෂ්පාදන සමාගම වන Red Chilies International ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් ඒ යටතේ ජනතාවට සහන ලබාදීමට වැඩකටයුතු කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඔහු මාධ්‍යයට දැනුම් දී තිබුනා. ඔහුගේ Instagram පිටුවේ ඒ පිලිබඳ විස්තර සඳහන් කොට තිබෙනවා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් ආරම්භ කළ කොරෝනා පිටුදැකීමේ අරමුදල සඳහා ඉන්දීය රුපියල කෝටි 100ක පරිත්‍යාගයක් සිදුකරන බව ශාරුක්ගේ නිවේදනයේ සඳහන්. ඒ ඔහු සහ ඉන්දීය නිළි ජුහී චවුලා සම අයිතිය දරන Colkata Night Riders ක්‍රිකට් සමගම මගිනුයි. තවත් ඉන්දියානු රුපියල් කෝටි 20ක මුදලක් මහාරාෂ්ට මහා ඇමති ආරම්භ කළ කොරෝනා වෛරසය පිටුදැකීමේ අරමුදලට පරිත්‍යාග කරන බවත් සඳහන්.
සෞඛ්‍ය සේවකයින් සඳහා වන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල 5000ක් කඩිනමින් ලබා දීමටත්, මුම්බායි නගරයේ ජිවත් වන දිළිඳු පවුල් 5000ක් සඳහා මාසික වියළි ආහාර මල්ලක් සහ තවත් දිළිඳු පුද්ගලයින් 2000ක් සඳහා පිසිනලද ආහාර දෛනිකව ලබාදීමත් මේ ව්‍යාපෘති අතර වනවා. මහාරාෂ්ට හිටපු පොලිස් ප්‍රධානියා ආරම්භ කොට ඇති Roti Foundation මගින් දිනකට ආහාර පාර්සල් ලක්ෂයක් ලබාදීමට සැලසුම් කොට ඇති අතර ඉන් 10,000ක් ශාරුක්ගේ මේ ව්‍යාපෘතිය යටතේ ලබාදීමටත් ඔහු එකඟවී තිබෙනවා. දිල්ලියේ ජිවත් වන දෛනික රැකියා මගින් ජීවත් වූ දිළිඳු පවුල් 2500කට මාසයක් පුරා අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමටත්, උත්තර් ප්‍රදේශ්, දිල්ලි, බිහාර්, උත්තරාකාන්ද් සහ බටහිර බෙංගාලයේ ජීවත් වන ඇසිඩ් ප්‍රහාරයන්ගෙන් දිවි ගලවාගත් (Acid attack survivors) කාන්තාවන් 100ක් සඳහා සියලු පහසුකම් ලබාදෙමින් රැකබලා ගැනීමත් මේ යටතේ ක්‍රියාත්මක අනිකුත් ව්‍යාපෘතීන් වනවා.
මේ පිලිබඳ සිය සමාජ ජාලා මාධ්‍ය හරහා පණිවිඩයක් සටහන් කරන ශාරුක් මෙලෙස සටහන් කරනවා.
“In these times it’s imp to make everyone around u working tirelessly for u.. not related to u.. perhaps even unknown to u… to feel they are not alone and by themselves. Let’s just make sure we all do our little bit to look after each other. India and all Indians are One Family. Stay Safe Stay Healthy and don’t forget to pray.”
– Filmfare ඇසුරින් –