Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

විකෘති ලිංගික ආශා, කාමුකත්වයේ ප්‍රභේද සහ “හුස්ම”

$
0
0

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටය නැරඹු රුවන් මාපලගම, ඔහුගේ facebook ගිණුමේ තැබූ සටහනක්.

‘හුස්ම’ සිංහල චිත්‍රපටය ද ඊට පාදක වූවා යැයි කියන බටහිර චිත්‍රපටයද මම මින් පෙර නරඹා නැත්තෙමි.

මේ වියමනෙහි අරමුණ එම චිත්‍රපටයේ තිබූ කලාත්මක හෝ තාක්ෂණික දෝෂ විචාරය කිරීම නො ව එහි තිබූ මළ සිරුරක් සමග සංසර්ගයේ යෙදීම පිළිබඳ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක නියැලීමය. මනෝවිද්‍යාව ආරම්භයේ සිට ම ලිංගිකත්වය , කාමය යන සංකල්ප පිළිබඳ විශේෂයෙන් අධ්‍යනය කර ඇත. ඒ පිළිබඳ මනෝවිද්‍යා සංකල්ප ද බොහෝ ඇත. ‘දරුවෙක් මවගෙන් මවුකිරි උරා බොන්නේ ද කාමාශාව නිසා’ යැයි ෆ්‍රොයිඩ් පැවසුවේ ය.

මානව ලිංගික චර්යාවන් මනෝවිද්‍යාත්මකව ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි වේ.

1. ප්‍රකෘති ලිංගික චර්යා
2. විකෘති ලිංගික චර්යා

ප්‍රකෘති ලිංගික චර්යාවන් යනු ස්ත්‍රියක් සහ පුරුෂයෙකු අතර සිදුවන සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය යි. මෙම ක්‍රියාවලියෙන් එම දෙදෙනාට ම ලිංගික තෘප්තියක් හෙවත් සුරතාන්තයක් ලැබේ. ස්වයංවින්දනය සැළකිය හැක්කේ ද මෙහි ප්‍රභේදයක් ලෙස ය. ස්වභාව ධර්මය විසින් අවශේෂ මානව ක්‍රියාකාරකම්වලදී නොමැති විශේෂ තෘප්තියක් මෙහිදී ලබා දී ඇත්තේ මානව වර්ගයේ අඛණ්ඩ පැවැත්ම සඳහා ය. එසේ නො වී ස්ත්‍රී පුරුෂ සංසර්ගය යනු ඇසිපිය ගැසීම , කෙල ගිලීම වැනි විශේෂ තෘප්තියක් නොලබන මානව ක්‍රියාවක් වූයේ නම් හෝමෝසේපියන්ස්වරුන්ගේ පැවැත්ම අභියෝගයට ලක් වේ.

මානවයා ලිංගික කාර්යයන් සඳහා යොමු වන්නේ ප්‍රධාන වශයෙන් ම හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ය. ඇතැමුන්ට මෙම හෝමෝන අධිමාත්‍රාවක් පිහිටන අතර ඇතැමුන්ට විකෘති වී පිහිටයි. බොහෝ විට එවැනි අවස්ථාවලදී සිදුකරනු ලබන වෙනස් ආකාරයේ ලිංගික තෘප්තිය ලැබීමේ ක්‍රම විකෘති ලිංගික චර්යා ලෙස හඳුන්වයි. එවැනි විකෘති ලිංගික චර්යාවන් රැසක් පිළිබඳ මනෝවිද්‍යාවේ විග්‍රහ කෙරෙන අතර එයින් ප්‍රධාන ඒවා කිහිපයක් පහත දැක්වේ.

1.මෘතදේහ කාමුකත්වය
2.අර්චන කාමුකත්වය
3.පාරවේශන අර්චන කාමුකත්වය
4.දහර කාමුකත්වය
5.සත්ත්ව කාමුකත්වය
6.ප්‍රදර්ශන කාමුකත්වය
7.පරපීඩා කාමුකත්වය
8.ස්වපීඩා කාමුකත්වය
9.දර්ශන කාමුකත්වය

1. මෘතදේහ කාමුකත්වය ( #Necrophilia )
මෙවැනි තත්ත්වයකදී පුද්ගලයෙකුට ලෛංගික තෘප්තිය ලැබෙන්නේ මළ සිරුරක් සමඟ සංසර්ගයේ යෙදීමෙන් ය. මෙහිදී ඇතැම්විට මළසිරුරක් හෝ ස්ත්‍රීයක් මරා මෘත දේහය සමඟ සංසර්ගයේ යෙදීමට පෙළඹේ. රෝහල්වල මෘත ශරීරාගාර ( හුස්ම චිත්‍රපටයේ මෙන් )වල දී මෙන් ම සුසාන භූමි , මල්ශාලා , යුධ භූමිවලදී ද මෙවැනි තත්ත්වයන් තිබිය හැකිය.

2.අර්චන කාමුකත්වය . ( #Fetishism )
මෙවැනි තත්ත්වයක පුද්ගලයෙකු ලෛංගික තෘප්තිය ලබන්නේ මිනිස් සිරුරේ කොටස් හෝ අජීවි වස්තුන් සමග ය. මෙහිදී අජීවි වස්තු ලෙස බොහෝවිට විරුද්ධ ලිංගිකයෙකු පාවිච්චි කරන ලද යට ඇඳුම්, ලේන්සු, රෙදි, දත් බුරුසු , හිස කෙස් , රෝම වැනි දෙයක් හෝ සෙක්ස් ටෝයි එකක් භාවිත විය හැකිය.

3. පාරවේෂණ අර්චන කාමුකත්වය ( #Transvestic_Fetishism )
මෙම තත්ත්වය ඉහත දැක් වූ අර්චන කාමයට තරමක් සමානය. වෙනස වන්නේ මොවුන්ද විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැළඳිම්වලට දැඩි රුචිකත්වයක් දක්වා එවා ඇඳ පැළඳගැනීමටද පෙළඹීම යි.එවැනි විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම ( යාතුකර්ම , සංගීත සංදර්ශන , බිග් මැච් ) ට මෙන් ම රහසිගතව එම ඇඳුම් ඇඟලා ගැනීමෙන්ද මෙවැනි තත්ත්වයක පුද්ගලන්ට ලෛංගික තෘප්තිය ලැබේ.

4. දහර කාමුකත්වය ( #Paedophilia )
මෙවැනි තත්ත්වයක පුද්ගලයෙකු ලෛංගික තෘප්තිය ලබන්නේ යොවුන් වියට පත් නොවූ කුඩා දරු දැරියන් සමඟ ලිංගික ක්‍රියාකාරකම් වල නියැලීමෙන් හෝ ඒවා සිතින් මවාගෙන ස්වයංවින්දනයයේ යෙදීමෙන් වේ. මෙම තත්ත්වය උග්‍ර වීම නිසා ළමා අපචාර කිරීමට පවා එම පුද්ගලයා පෙළඹිය හැකි නිසා සමාජ විරෝධී දරුණු අපරාධ තත්ත්වයට පවා පත්විය හැකිය.

5. සත්ව කාමුකත්වය ( #Zoophilia )
මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ සතුන් සමග ලිංගිකව එක් වීමෙනි. නොඑසේ නම් සත්ත්ව ලිංගික ක්‍රියා නැරඹීමෙනි.බල්ලන් , පූසන් , අශ්වයන් ,උරඟයන් වැනි සතුන් හෝ උන්ගේ අවයව මේ සඳහා යොදා ගනියි.
එක දිගට සති හා මාස ගණන් මුහුදුයන ඇතැම් ධිවරයින් තම දැල්වලට හසුවන මඩු මාළුවන් සමග ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීම පිළිබඳ ලෝකය පුරා ම තොරතුරු ලැබී ඇත.

6. ප්‍රදර්ශන කාමය ( #Exhibitionism )
මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ ඒ සඳහා කිසිඳු සූදානමක් නොමැති අමුත්තන්හට තම ලිංගික අවයව පෙන්වීමෙනි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයන්ට අදාල අමුත්තා සමඟ ලිංගික එක්වීමක් අත්‍යාවශ්‍ය නොවීම යි. ප්‍රදර්ශනයෙන් පමණක් ම මොවුන් තෘප්තිය ලබයි. අතීතයේදී නාන තොටුපළ අසල , ළිං අසල , කාන්තාවන්ගේ නිදන කාමර අසල , මෙන් ම පාසැල් , ගාර්මන්ට් වැනි ප්‍රසිද්ධ ස්ථාන අසල ද මෙවැනි අය ගැවසුණි. නමුත් සන්නිවේදන විප්ලවයත් සමග අදවන විට අසභ්‍ය දුරකථන ඇමතුම් දෙන අය , සමාජජාල වෙබ් අඩවි හරහා (FB , Whatsapp , Viber ,Imo) අසභ්‍ය දර්ශන එවන්නන් ද මෙම ප්‍රදර්ශනකාමී වර්ගයට ඇතුළත් ය.

7. පරපීඩා කාමුකත්වය ( #Sexual_Sadism )මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ ලිංගික සංසර්ගයේදී අනෙකාට නින්දා කිරීම, පහර දීම, තුවාල කිරීම , ගැට ගැසීම ආදියෙනි. මෙම තත්ත්වය අවසානයදී කාමුක මිනීමැරුමක් ( #lustmurder ) දක්වා වුවත් දුරදිග යා හැක. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ස්ව ‘ශ්‍රී ලංකාවේ ගණිකාවෝ’ පර්යේෂණ කෘතියේදි මෙවැනි තත්ත්වයන් රැසක් හෙළි කර ඇත.

8. ස්වපීඩා කාමුකත්වය ( #Sexual_masochism )
මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ තමන් ම ශාරීරික , මානසික වේදනා විඳිමින් ලිංගික කුල්මත්කමක් ඇතිකරගැනීමෙනි. ඇඟ තලවාගැනීම, පාගාගැනීම, දම්වැල් ලණු ආදියෙන් බඳවාගැනීම , පහර කෑම හෝ ළමයෙකු ලෙස හැඳපැළඳ ළමා වියේ දඩුවම් ලැබීමෙන් මොවුන්ට ලිංගික තෘප්තිය ලැබිය හැකිය.

9. දර්ශන කාමුකත්වය ( #Voyeurism )
මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ අන් අය සංසර්ගයේ යෙදෙන ආකාරය බලා සිටීමෙන් පමණි. ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීම මොවුන්ට අත්‍යවශ්‍ය නො වේ. සැඟවී බලා සිටීම , රහසිගත කැමරා සවි කිරීම , නිල් චිත්‍රපට බැලීමට ඇබ්බැහි වීම ආදී ලක්ෂණ මොවුන් තුළ දැකිය හැකිය.

සංකීර්ණ මානව චෛතසික හා හැසිරීම් නිසා ඇතැම් පුද්ගලයන් සතුව ඉහත එක ලක්ෂණයක් පමණක් නො ව කිහිපයක් වුවද තිබිය හැකිය. එපමණක් නො ව ලක්ෂණ කිහිපයක් මිශ්‍රව ද තිබිය හැකිය .
නමුත් වැදගත් ම දේ වන්නේ ඉහත දැක් වූ හෝ නොදැක් වූ සියල්ල විකෘති ලිංගික කාමාශා මිස මානසික රෝග නොවීම යි. එබැවින් උපදේශන හෝ සායනික ක්‍රියාවලීන් මගින් ඉහත තත්ත්වයන් යථා ස්වරූපයට පත් කර ගත හැකිය.

– රුවන් මාපලගම –

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles