Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

අපහසුතාවන්ට මුහුණදෙන කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරේ

$
0
0

COVID-19 මෙරට ව්‍යාප්ත වීමත් සමග වෘත්තීය කටයුතු වල බාධා පැමිණවීම හේතුවෙන් අපහසුතාවන්ට පත් කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරෙයි. මෙම වසංගත තත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවන්ට මුහුණදෙන සියලුම ක්ෂේත්‍ර වල කළා නිර්මාණ ශිල්පින් සිය අවශ්‍යතාවන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට දන්වන්නැයි එම දෙපාර්තම්නේතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ලබාදී ඇති සෘජු දුරකථන අංක මගින් එම දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු අමතා තොරතුරු ලබාදෙන ලෙසත් නොඑසේ නම්, අදාළ ප්‍රදේශය බාර සංස්කෘතික නිළධාරියා හරහා තොරතුරු ලබාදෙන ලෙසටත් බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.කේ. බන්ධුල හරිශ්චන්ද්‍රගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව දුරකථන අංක 0714448455 මගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂද, 0718111016 අංකයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂද, 0715209615 අංකයෙන් ජාතික කලා මණ්ඩලයේ ලේකම්ද, 0718560259 අංකයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිළධාරිනී මානෙල් හෝ 0712942897 අංකයෙන් එම දෙපාර්තමේන්තු නිළධාරිනී කාන්තිද ඇමතීමෙන් එම විස්තර ලබාදීමට කලා නිර්මාණ ශිල්පීන්ට හැකියාව තිබේ.

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>