
සිනමා, වේදිකා හා ටෙලිනාට්‍ය රංගවේදියකු වන දයා තෙන්නකෝන් ශිල්පියා ජිවිතක්ෂයට පත්වෙයි. රෝගාතුරව අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ශල්‍යකර්මයක් සඳහා නියමිතව සිටි බව සඳහන් වේ. අද, එනම් අප්‍රේල් 17 වැනිදා ඒ මහතා රෝහල්ගතව සිටියදීම මියගොස් ඇතැයි වාර්තා වේ.
1941 උපත ලැබූ දයා තෙන්නකෝන් රංගන ශිල්පියා මියයන විට 79 වැනි වියේ පසුවිය. 1965 වසරේ සිට කලාවට සම්බන්ධව කටයුතු කළ ඒ මහතා වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍ර තුන හරහාම ප්‍රේක්ෂකයින් තුළ නොමැකෙන මතක ඉතිරිකොට තිබේ. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන ඒ මහතා එවැනිම ආදිසිසු පරම්පරාවේ නියෝජනයන් වූ ආචාර්ය ධර්මසේන පතිරාජ, අමරසිරි කලන්සුරිය වැනි ශිල්පීන් සමග කලාවට දායකත්වය සැපයීය. රංගවේදිනි ග්‍රේස් තෙන්නකෝන් මහත්මියගේ ස්වාමියා වන දයා තෙන්නකෝන් මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.