Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

ගෝලීය වසංගතය සහ සිනමාව මැයෙන් සාකච්ඡාවක්

$
0
0

කොරෝනා වසංගතය ගෝලීයව ව්‍යාප්ත වීමත් සමග ලොවපුරා සියලු ක්ෂේත්‍රයන්හි අඩාල වීමක් සිදුවුනා. මේ අතර විනොදාස්වාදන කර්මාන්තය තදබල ලෙස අර්බුධයට ලක්වුනා. සිනමාහල් වසා දැමීමට තීරණය කිරීම, නිෂ්පාදන කටයුතු නවතා දැමීම, වැනි තීරණ මත ලෝකය පුරා මේ ක්ෂේත්‍රය අර්බුධයට ලක්වූ බවත්, රැකියා විශාල සංඛ්‍යාවක් අහිමිව ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලංකාවෙත් මාර්තු 14 වැනිදා සිට සිනමාහල් වසා දැමීමට තීරණය කිරීමත් සමග මෙම අර්බුධයට මුහුණදීමට සිනමාකරුවන්ට සිදුවුනා. තවමත් සිනමාහල් විවෘතව නොතිබීමත්, විවෘත කළද ඒ කවර තත්වයන් යටතේද යන්න පිළිබඳව නිසි අදහසක් නොමැති වීමත් නිසා තවමත් ඒ අර්බුධයට විසඳුමක් ලැබී ඇතැයි සිතිය නොහැකියි. කෙසේ නමුත් “වසංගතය හමුවේ සිනමාව” මාතෘකාව යටතේ මේ කරුණු සම්බන්ධයෙන් සාකච්චාවක් සංවිධාන කිරීමට ස්වාධීන සිනමා එකමුතුව තීරණය කොට තිබෙනවා. සිනමා කර්මාන්තයේ අනාගතය කෙබඳු විය හැකිද යන්න පිළිබඳව මෙහිදී සාකච්චා කෙරෙනු ඇති. ජුනි 14 ඉරිදා උදෑසන 9.00ට මේ සාකච්චාව ස්වාධීන සිනමා එකමුතුවේ නිළ Facebook පිටුව ඔස්සේ සිදුකිරීමට නියමිතයි.

සිනමාවේදී ප්‍රසන්න විතානගේ, චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව සහ Movie works (Pvt) Ltdහි කළමණාකාර අධ්‍යක්ෂ අනුර ජසෙන්තුලියනගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සංවාදයට ඉදිරිපත් කිරීමට ඔබේ ගැටළු ඇත්නම් එම Facebook පිටුවට Comment එකක් ලෙස ඒවා යොමු කරන මෙන් සංවිධායකයින් ඉල්ලා සිටිනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>