
කෙටි චිත්‍රපට කියන්නෙ වර්ථමානයේ සිනමාවට ඇල්මක් දක්වන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යයක්. කෙටි චිත්‍රපට භෝ ප්‍රමාණයක් ලංකාවේ තරුණ සිනමාකරුවන් අතින් නිර්මාණය කෙරෙනවා වගේම ඒ නිර්මාණ දේශීයව මෙන්ම ජාත්‍යන්තරවත් විවිධ අයුරින් ඇගයීමටත් ලක්වනවා. මේ එවැනි තවත් කෙටි චිත්‍රපට නිර්මාණයක්.
නිර්මාණකරුවා ධනුෂ්ක විජේසූරිය. ඔහු විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මේ කෙටි චිත්‍රපට නිර්මාණය “PRISONERS” ලෙස නම්කොට තිබෙනවා. චිත්‍රපටයේ රංගනයට දර්ශන් ධර්මරාජ් සමගින් අනෝමා ජනාදරී දායකවී තිබෙනවා. කැමරාකරණයෙන් රවින්ද්‍ර රෝහණ, වේශ නිරූපණයෙන් ශාලිත ගුණවර්ධන, සංස්කරණයෙන් ලියොන් විජේසිංහ සහ වීණා වාදනශිල්පී ලෙස වගේෂන් ශිවනාදන් මේ නිර්මාණයට සම්බන්ධ වුනා.
මේ චිත්‍රපටය 2020 වසරේ ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. Lift-Off Global Network සිනමා උළෙලේ The first time filmmaker showcase කාණ්ඩය යටතට PRISONERS කෙටි චිත්‍රපටය තෝරාගෙන තිබෙනවා. මීට පෙර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ Official Selection ලෙස තේරුණු මේ කෙටි චිත්‍රපට නිර්මාණ ITN Digicon SriLanka සිනමා උළෙලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙස රිදී සම්මානය හිමිකර ගත්තා.