Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

ඈ යළිත් ආදරෙන් –ගින්දරී 3 ලඟදීම සිනමාහල් වෙත

$
0
0

උදයකාන්ත වර්ණසූරිය නිර්මාණය කළ “බහුබූතයෝ” චිත්‍රපටය දේශීය චිත්‍රපට නරඹන රසිකයින් අතිශය ජනප්‍රිය වුනා. එහි කතා සංකල්පය, නිර්මාණය, රංගනය ඇතුළු සියල්ල නිසා ප්‍රේක්ෂකයින් මේ චිත්‍රපටයට ආකර්ෂණය වුනා. එහි දෙවැනි පියවර ලෙසින් බහුබූතයෝ 2 – ගින්දරී නිර්මාණය වුනේ පළමු චිත්‍රපටයට තිබූ රසික ප්‍රතිචාර නිසාමයි. දෙවැනි චිත්‍රපටයත් ඒ ආකාරයෙන්ම ජනප්‍රිය වුනු බව සිනමා රසිකයින්ට මතක ඇති. මේ චිත්‍රපට මාලාවේ තුන්වැනි පියවරත් ඔබට ගෙන ඒමට සිනමාවේදී උදයකාන්ත වර්ණසූරිය සූදානම්.

ගින්දරී – 3 නමින් මේ අලුත්ම චිත්‍රපටය නම්කොට තිබෙනවා. සුපුරුදු පරිදි ගින්දරි ලෙස පබෝධා සන්දීපනී සහ බන්ටි සහ ලැන්ටි ලෙස මහේන්ද්‍ර පෙරේරාත්, රොඩ්නි වර්ණකුලත් රංගනයෙන් දායක වනවා. මේ චිත්‍රපටයේ කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය උදයකාන්ත වර්ණසූරිය විසින් සිදුකොට තිබෙනවා. චුලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, ටීනා ෂනල්, සුනීතා විමලවීර, චන්චලා වර්ණසූරිය, නිල්මිණි කෝට්ටගොඩ, සරත් කොතලාවල, දිලිප් රෝහණ, ආනන්ද අතුකෝරල ඇතුළු නළු නිලි පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. කේ. ඩී. දයානන්ද විසින් මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදුකළා. සංස්කරණය ප්‍රවීන් ජයසිංහගෙන්. අරුන් ඩයස් කලා අධ්‍යක්ෂණයෙන්, ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂණයෙන්, ආනන්ද පෙරේරා සංගීත නිර්මාණයෙන්, නලින් ප්‍රේමතිලක වේශ නිරූපණයෙන්, ගින්දරී 3 චිත්‍රපටයට දායක වී තිබෙනවා.

ලඟදීම දිවයින පුරා සිනමාහල් වල ගින්දරී 3 තිරගත වීමට නියමිතයි.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>