Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

තවම තිරගත නොවූ අලුත්ම සිංහල චිත්‍රපට බලමුද…?

$
0
0

දෙහිය සිනමාව ගැන අවදානයෙන් ඉන්න බොහෝ දෙනෙක් අලුතින්ම තිරගත වීමට නියමිත චිත්‍රපට පෝලිම ගැන හොඳින්ම දන්නවා. මේ දිගු පෝලිමේ සිනමා ලෝලීන් වැඩිපුරම කැමති වගේම මගබලාගෙන ඉන්න චිත්‍රපට බොහොමයක් තිබෙනවා. මේ අලුත්ම ආරංචිය ඒ විදිහට චිත්‍රපට එනතෙක් මගබලා ඉන්න ප්‍රේක්ෂකයින් වෙනුවෙන්මයි.

මෙතෙක් තිරගත නොවූ අලුත්ම සිංහල චිත්‍රපට පෙළක් තිරගත වන සිනමා උළෙලක් කොළඹදී පැවැත්වෙනවා. “Scope සරසවිය සිනමා සොම්නස” ලෙස මේ සිනමා උළෙල නම් කොට තිබෙනවා. සැප්තැම්බර් 04 වැනිදා සිට 08 වැනිදා දක්වා දින පහක් පුරාම මේ චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ කොල්ලුපිටිය ලිබර්ටි ස්කෝප් සිනමා ශාලාවේදීයි.

සැප්තැම්බර් 04 වැනිදා ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “මිදුණු විශ්වය” චිත්‍රපටය තිරගත වනවා. උදේ 10.30 සවස 2.30 සහ රාත්‍රී 7.00 වශයෙන් දර්ශන වාර තුනක් මේ චිත්‍රපටයට වෙනකොට තිබෙනවා. දැනට වැඩිම ඉල්ලුමක් සහිත සිනමාපටය වන්නේ මිදුණු විශ්වය බවත් ස්කෝප් සිනමාස් ආරංචි මාර්ග පවසනවා. රාත්‍රී 7.00 දර්ශන  වාරය වෙනුවෙන් මේ වනවිටත් 53%ක ප්‍රවේශපත් අළෙවියක් ඇති බව සඳහන් වනවා.

සැප්තැම්බර් 05 වැනිදා ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ “කතුරු මිතුරු” චිත්‍රපටය තිරගත වනවා. උදේ 10.30, දහවල් 2.30 සහ සවස 7.00 ලෙසින් දර්ශන වාර තුනක් පැවැත්වෙන මේ චිත්‍රපටයට මේ වනවිට සවස 7.00 දර්ශන වාරය වෙනුවෙන් 23% ප්‍රවේශපත් අළෙවියක් වාර්තා වනවා. ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්නයන්ගේ අපූරු ප්‍රහසන රංගනයක් සහිත මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගනු ඇතැයි මත පලවනවා.

චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ “යුගාත්‍රා” වෙනස් විදිහක තේමාවක් සහිත ආදර කතාවක්. මේ චිත්‍රපටය සැප්තැම්බර් 6 වැනිදා තිරගත වන්නේ උදේ 10.30, දහවල් 2.30 සහ රාත්‍රී 7.00 ලෙස දර්ශන වාර තුනකිනුයි. මාෂි සිරිවර්ධන චන්න පෙරේරා සහ ඉරේෂා අසංකි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගනයට එක්වනවා.

ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්නයන් කාන්තාවක ලෙස වෙස් වලාගත් චරිතයක් රඟපාන අපූරු චිත්රපටයක් ගැන පසුගියදා කතාබහක් ඇතිවුනා. ඒ සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ මිස් ජෙනිස් චිත්‍රපටය පිළිබඳවයි. මෙවර ස්කෝප් සරසවිය සිනමා සොම්නස චිත්‍රපට උළෙලේ මේ චිත්‍රපටයත් තිරගත වනවා. 10.30, 2.30 සහ 7.00 ලෙස දර්ශන වාර තුනකින් මේ චිත්‍රපටයත් තිරගත කෙරෙනු ඇති.

උදයකාන්ත වර්ණසූරියගේ “ගින්දරී-3” චිත්‍රපටය තිරගත වන්නේ සැප්තැම්බර් 8 වැනිදායි. 10.30, 2.20 සහ 7.00 ලෙස දර්ශන වාර තුනකින් මේ චිත්‍රපටයත් තිරගත වනවා. මේ වනවිටත් 22%ක් ඉක්මවූ ප්‍රවේශපත් අළෙවියක් ගින්දරී-3 චිත්‍රපටයට ලැබී තිබෙනවා.

සිනමාවට ආදරය කරන, දේශීය සිනමාව ප්‍රියකරන ඔබට මේ ස්කෝප් සරසවිය සිනමා සොම්නස මහත් සොම්නස ගෙනදෙන ආරංචියක් වනු ඇති. අලුත්ම චිත්‍රපට පහක් ඔබට පහසු වේලාවකදී සුවපහසුව නිදහසේ නරඹන්න මේ සිනමා උළෙල සමග එක්වන්නැයි ස්කෝප් සිනමාස් ඔබට ආරාධනා කරනවා. ප්‍රවේශපත් මිළදී ගැනීමට www.scopecinemas.com  වෙබ් අඩවියට පිවිසෙන්න. සියළු සෞඛ්‍යාරක්ෂණ විදිවිධාන යටතේ නිදහසේ සිනමාව රසවිඳින්න.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>