
කෙටි චිත්‍රපට නිර්මාණකරණය තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය විදිහට තෝරාගත්ත තරුණ සිනමාකරුවන් බොහෝ දෙනෙක් අලුතින් ක්ෂේත්‍රයට එකතු වීම පහුගිය කාලය තුළ දක්නට ලැබුණු සුබදායී තත්වයක්. ඉන් බොහෝ දෙනෙක් විවිධ මට්ටමේ ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගනිමින් තමාගේ නිර්මාණ කටයුතු එතෙරට ගෙනයාමට සමත් වුනා. කෙටි චිත්‍රපට නිර්මාණ කරුවකු වන කමිල මේදිස් එවැනි එක් නිර්මාණකරුවෙක්. ඔහු ඉන්දියාවේ මුම්බායි හි FX Film School හි ඔහුගේ උපාධි පාඨමාලාවේ ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කළ HOPE කෙටි චිත්‍රපටය මීට පෙර ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක්ම අත්පත් කරගත්තා. ඒ කෙටි චිත්‍රපටය තවත් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් නියෝජනය කිරීමට සමත්ව ඇති බව පැවසෙනවා.
එකම පුතා තමන්ගෙ මව පාළු නිවසේ තනිකර දමා පිටරට රැකියාවක් සඳහා පිටත්ව යනවා. මවට ජංගම දුරකථනයක් ලබාදී ඔහු නිරන්තරයෙන්ම මවට අමතන බවත් මවට යම් කිසි උවමනාවක් වෙතොත් ඔහුව අමතන ලෙසත් පවසමින් ඔහු නිවසින් පිටව ගියත් කෙමෙන් පුතුට සිය මව අමතකව යනවා. අසරණ වූ මව දුරකථනයෙන් දෝෂයක් යැයි සිතා සෑම දිනකම තම පුතාගෙන් ඇමතුමක් එනතුරු මග බලා සිටිනවා. දිනක් මෙය ඉවසා ගත නොහැකි තැන මව අසල්වාසී නිවසට ගොස් එහි සිටි පුද්ගලයෙකුගෙන් මෙම දුරකථන දෝෂයක් ඇති දැයි විමසූ පසු එම දුරකථනයෙන් කිසිදු දෝෂයක් නොමැති බව එම පුද්ගලයා වටහා ගන්නවා. නමුත් ඒ බව පවසා ඇගේ සිත රිදවීමට අකමැති වන ඔහු මුනිවත් රකිනවා. එවිටම මේ මව අසලට පැමිණි එම නිවසේ විසූ කුඩා බලු පැටියා ඇය අසල සුරතල් වන්නට පටන් ගන්නවා. දුරකථනය අමතක වූ මව එම බලු පැටියාව තමන්ගේ තනියට ඇතිකිරීම සඳහා රැගෙන යනවා. අවසානයේ ඇයට බලාපොරොත්තුවක් ලැබෙන්නේ පුතුගෙන් නොව මේ සුරතල් බලු පැටවාගෙනුයි.
මීට පෙර 2nd Ahmednagar International film festival 2019 සහ 9th Clap National film festival Aurangabad 2019 යන සිනමා උළෙල වලදී best concept සම්මානය ලබා ගැනීමට HOPE කෙටි චිත්‍රපටයට හැකියාව ලැබුනා. International Inter-University short film festival 2019, Indian panorama film Festival Delhi 2019, First Time filmmaker sessions UK 2019, The lift-off sessions 2019 UK, යන සිනමා උළෙල තුළ තරගකාරී අංශය නියෝජනය කිරීමටද මේ කෙටි චිත්‍රපටය සමත්ව තිබෙනවා. දැන්, ඉන්දියාවේ Roshani International Short Film Festival Aurangabad 2020 තුළද තරගකාරී අංශය නියෝජනය කිරීමට HOPE කෙටි චිත්‍රපටයට අවස්ථාව හිමිව ඇතැයි සිනමා උළෙල නිළ වශයෙන් නිවේදනය කොට තිබෙනවා.


