Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

“TSUNAMI”–මෙවර CSR මාසික සිනමා දැක්මෙන්

$
0
0
CSR මාධ්‍ය ඒකකය මගින් මාසික සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. COVID-19 ව්‍යසනය හේතුවෙන් තාවකාලිකව නවතා තැබුණු මේ වැඩසටහන දැන් යළිත් වරක් ආරම්භ කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එහි මීළඟ අදියර සැප්තැම්බර් 26 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ඔවුන් ප්‍රකාශ කරනවා. මෙවර තිරගත කිරීම සඳහා තෝරාගෙන තිබෙන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක නිර්මාණය කළ “සුනාමි” චිත්‍රපටයයි.
“අලුතින් හිතන්න, වෙනස් වෙනස් මත එකට ගැටෙමින් එකම වේදිකාවක” තේමාව යටතේ මේ වැඩසටහන සංවිධාන කෙරෙනවා. 26 වැනි සෙනසුරාදා දහවල් 1.00ට චිත්‍රපටය තිරගත කිරීමත්, ඉන් පසුව ඒ පිලිබඳ සංවාද මණ්ඩපයක් පැවැත්වීමත් මේ වැඩසටහනේදී සිදු වනවා. මෙවර සංවාදය සඳහා අජිත් ගලප්පත්ති, තුසිත ජයසුන්දර, සුජිත් අක්කරවත්ත සහ තිවංක විශ්වනාත් සහභාගී වීමට නියමිතයි. සුපුරුදු පරිදි කථනය නුවන් ජූඩ් ලියනගේ ගෙන්.
 සැප්තැම්බර් 26 වැනි සෙනසුරාදා දහවල් 1.00ට මරදාන සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයට පැමිණෙන ලෙස සංවිධායකයින් ඔබට ඇරියුම් කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>