
ස්වාධීන සිනමා එකමුතුව මගින් සංවිධාන කරන “කතාකරන චිත්‍රපට ගැන කතාබහ” වැඩසටහන යළිත් ආරම්භ කිරීමට සියල්ල සූදානම්. සැප්තැම්බර් 29 වැනිදා එහි 06 වැනි පියවර පැවැත්වෙනු ඇති. මෙවර කතාබහට ගැනෙනුයේ විසාකේස චන්ද්‍රසේකරම් නිර්මාණය කළ “පාංශු” චිත්‍රපටයයි.
“සංක්‍රාන්ති යුක්තියේ සිනමාව” මැයෙන් පැවැත්වෙන සිනමා සංවාදය හා සිනමා විචාර එකතුව සැප්තැම්බර් 29 වැනි අඟහරුවාදා පැවැත්වෙනවා. එදින සවස 3.00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයෙදී පැවැත්වෙන සිනමා සංවාදයේ ප්‍රධාන කථිකයින් වන්නේ ඉන්ද්‍රානන්ද ද සිල්වා, නිර්මාල් රංජිත් දේවසිරි, බූපති නලින්, සහ විදර්ශන කන්නන්ගරයි. වැඩසටහ මෙහෙයවීම උපාලි අමරසිංහගෙන්.
චිත්‍රපට විචාර එකතුවක් එළිදැක්වීමත් මෙදිනට සිදුකිරීමට නියමිතයි. සසංක පෙරේරා, කත්යානා අමරසිංහ, නිර්මාල් රංජිත්, සුමිත් චාමින්ද, අරුණි සමරකෝන්, පුබුදු ජයගොඩ, උපේක්ෂා නුවන්ශ්‍රිනි, බූපති නලින්, චන්දන සිරිමල්වත්ත සහ විදර්ශන කන්නන්ගරගේ ලිපි එකතුවක් මේ විචාර එකතුවට ඇතුළත් වනවා.
පාංශු චිත්‍රපටය ගැන කතාබහට එක්වන්න. 29 වැනිදා සවස මහවැලි කේන්ද්‍රයට පැමිණෙන්න.