Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

සිනමාවට සිනහව ගෙනා ටෙනිසන් නික්ම යයි

$
0
0

රිදී තිරයට සිනහව ගෙනා රංගන ශිල්පී ටෙනිසන් කුරේ මෙලොව හැරයයි. අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කොට සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබේ. 28 වැනිදා දහවල් ජාතික රෝහලේදී ටෙනිසන් මෙලොව හැරගිය බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කොට ඇත. මියයන විට ඔහු 68 වැනි වියේ පසුවිය.

මොරටුව මෙතොදිස්ත පාසලේ ආදි සිසුවෙක් වන ඔහු, 1986 වසරේදී “පෙරළිකාරයෝ“ චිත්‍රපටයෙන් සිනමා රංගනයට එක්වී ඇත. චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සමඟ එක්වෙමින් 1984 වසරේදී සිනමා තිරපිටපත් රචනයෙන් සිනමා දිවිය ආරම්භ කළ ඔහු  ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනප්‍රියත්වයට පත්විය.

රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලින්, කොළම්පූර්, පාර්ලිමන්ට් ජෝක්ස් සහ සොමි බෝයිස් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් එක් වූ ඒ හෙතෙම ජනප්‍රිය නළු බන්දු සමරසිංහ සමඟ එක්ව ප්‍රහසන නිර්මාණ රැසකටද දායකවී ඇත. රංගනයෙන් මෙන්ම චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකටම අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් ටෙනිසන්ගේ දායකත්වය ලබාදී තිබිණ.

දේහය තවමත් කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.

ඩිජිටල් සිතුවම අන්තර්ජාලයෙන් උපුටන ලදී.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles