Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

“පාංශු”සහ “සුපර්ණා”ජාත්‍යන්තර සම්මාන දිනාගනියි.

$
0
0

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් හොඳම නළුවා වෙද්දී, නීටා ප්‍රනාන්දුට ජූරියේ විශේෂ ඇගයීමක්…
විසාකේසගේ “පාංශු” හා සුජීවගේ “සුපර්ණා” ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඔන්ලයින් සිනමා උළෙලක් (Online Film Festival) ලෙසින් ක්‍රියාත්මක වන ඉන්දු නිම්න අන්තර්ජාතික සිනමා උළෙලේ (Indus Valley International Film Festival) දෙවන අදියරේදී (2nd Session-2020: Oct 2-10) සම්මාන ත්‍රිත්වයක්  ශ්‍රී ලංකාවට දිනා දීමට, එම උළෙල නියෝජනය කළ විසාකේස චන්ද්‍රසේකරම්ගේ   “පාංශු” සහ සුජීව ප්‍රියාල්ගේ “සුපර්ණා” යන සිනමාපට පසුගියදා සමත්විය.
2020 වසරේ අගෝස්තු මාසයේදී සමාරම්භය සනිටුහන් කළ මෙම උළෙලේ තරගකාරී අංශය දකුණු ආසියානු කලාපීය රටවල් අටේ සිනමාපටවලට පමණක් සීමා වූ අතර, ඒ අනුව ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, පකිස්ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් පහ නියෝජනය කරමින් සිනමාපට 16 ක් උළෙලේ අන්තර්ජාතික දීර්ඝ වෘත්තාන්ත සිනමාපට තරග අංශය (International Feature Film Competition) යටතේ තරග වැදුනි. ඒ අතුරින් සිනමාපට 13 ක් වෙනුවෙන් එක් සම්මානය බැගින් හෝ පිරිනැමීමට ජූරිය කටයුතු කර තිබීම මෙහිදී කැපී පෙනුනි.
ඒ අනුව හොඳම චිත්‍රපටය ලෙස “චාමන් බහාර්” (Chaman Bahaar) නම් ඉන්දියානු සිනමාපටයත් , “කඩක්” (Kadakh) නම් ඉන්දීය සිනමාපටය අධ්යක්ෂණය කළ රාජාත් කපූර් හොඳම අධ්‍යක්ෂක ලෙසත් සම්මානනීය වෙද්දී, “සුපර්ණා” චිත්‍රපටයේ කැමරාව මෙහෙය වූ ධනුෂ්ක ගුණතිලක හොඳම සිනමා කැමරාකරණයට (Best Cinematography) හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ජනප්‍රිය ඉන්දීය නළු ආක්ෂේ කුමාර් “පැඩ් මෑන්” (Pad Man) සිනමාපටය වෙනුවෙන් හොඳම නළුවා ලෙසත්, පකිස්ථාන නිළි මහීරා කාන් “හො මාන් ජහාන්” (Ho Mann Jahan) නම් සිනමාපටය වෙනුවෙන් හොඳම නිළිය ලෙසත් සම්මාන ලබද්දී, හොඳම නිළිය (නළුවා) උදෙසා වූ ජූරීයේ විශේෂ සඳහනකට (Special Jury Mention for Best Actress-Actor) හිමිකම් කීමට “පාංශු” චිත්‍රපටයේ රගපෑ නීටා ප්‍රනාන්දු සමත්වූවාය. එයට අමතරව “පැඩ් මෑන්”චිත්‍රපටය උළෙලේ හොඳම සමාජීය තේමාව රැගත් චිත්‍රපටය (Best Film on Social Theme) ලෙසින් කිරුළ දරද්දී , හොඳම මානූෂිය වෘත්තාන්ත සිනමාපටයට (Best Humane Narrative) හිමි සම්මානය ශ්රී ලංකාවේ “පාංශු” චිත්‍රපටයට හිමිවිය. උළෙලේ පිරිනැමූ මුළු සම්මාන සංඛ්යාව 25 ක් විය.
2019 වර්ෂයේදී ප්රංශයේ පැවති නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී පළමු වරට ජාතන්තර සම්මානයෙන් පිදුම් ලද “පාංශු” චිත්‍රපටය, මෙම ජයග්‍රහණයත් සමග ලබා ඇති සමස්ථ ජාත්‍යන්තර ඇගයීම් සංඛ්යාව 07ක් බවට පත්වන අතර, “සුපර්ණා” ලද මෙම සම්මානය එම චිත්‍රපටයේ  ලද පළමු ජාත්‍යන්තර සම්මානය ලෙසින් වාර්තා පොත් අතරට එක් වේ.
සටහන : උදිත ලක්මාල් කහඳවඅරච්චි

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles