Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

ලලිත් රත්නායක හොඳම අධ්‍යක්ෂ ලෙස විදෙස් බුහුමන් ලබයි.

$
0
0

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

ලලිත් රත්නායක ඔස්ටියා අන්තර්ජාතික සිනමා උළෙලේදී “හොඳම අධ්‍යක්ෂක” සම්මානයෙන් පිදුම් ලබයි….
ඉතාලියේ රෝම නගරයේදී පසුගියදා නිමාව දුටු ඔස්ටියා අන්තර්ජාතික සිනමා උළෙලේදී “හොදම අධ්‍යක්ෂක”ට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට “විෂම භාග” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායක සමත් විය. “විෂම භාග” චිත්‍රපටය සමග චීනය, බල්ගේරියාව, ඉරානය, ස්පාඤ්ඤය නියෝජනය කළ සිනමාපට 04 ක්, දීර්ඝ වෘත්තාන්ත සිනමාපට තරග අංශය (Long Feature Competition) යටතේ අවසන් වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ තිබුණි. ඒ අතුරින් “හොදම අධ්‍යක්ෂක සම්මානය ශ්‍රී ලංකාවට හිමිවද්දී ‘හොඳම වෘත්තාන්ත සිනමාපටය’ට හිමි සම්මානය ඉරානය නියෝජනය කළ ‘වෙයිට්ලස්නස්’ (weightlessness) චිත්‍රපටය දිනා ගැනීමට සමත් විය.
දෙවෙනි වරට පැවති ඔස්ටියා උළෙලේ ආරම්භය 2019 වර්ෂයේදී සටහන් වූ අතර, ශ්‍රී ලාංකේය සිනමාපටයක් එම උළෙල නියෝජනය කළ පළමු වර්ෂය 2020 වසර විය. මෙහිදී “විෂම භාග” ලද “හොඳම අධ්‍යක්ෂක” සම්මානය එම චිත්‍රපටය ජාත්‍යන්තර  වශයෙන් ලද 49 වෙනි සම්මානය වන අතර, චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කාර්යය  වෙනුවෙන් ලලිත් රත්නායක ලද 06 වෙනි ජාත්යන්තරය සම්මානය වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්ච්

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>