Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

තහනමට ලක්වූ “චත්‍රාක්”මෙරටදී තිරගත කෙරෙයි.

$
0
0

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන විමුක්ති ජයසුන්දර විසින් නිර්මාණය කළ “චත්‍රාක්” (Mushroom) නම් බෙංගාලි චිත්‍රපටය මෙරටදී තිරගත කෙරෙනවා. ලිංගික දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා අවසර ලබා නොදීමට ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය තීරණය කොට තිබුනා. කෙසේ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් වසාදම තිබූ සිනමාහල් යළි විවෘත කිරීමන් අනතුරුව මෙම චිත්‍රපටයද තිරගත කෙරෙන බව සඳහන්. බෙංගාලි බසින් නිමවා ඇති චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසි සමගින් මෙරට තිරගත කෙරෙනවා.

කාන්ස්, ටොරොන්ටෝ, වොර්සෝ වැනි ලෝකයේ ප්‍රධාන පෙලේ සිනමා උළෙල ඇතුළුව අන්තර්ජාතික සිනමා උළෙල 21 ක් නියෝජනය කිරීමට මේ චිත්‍රපටය සමත් වුනා. විදෙස් රටක පුරවැසියකුද නොවන ශ්‍රී ලාංකිකයකු විසින් අධ්‍යක්ෂණය කොට ජාත්‍යන්තර සිනමා උළෙලකදී සම්මානයට පත්‍ර වූ පළමු විදේශීය චිත්‍රපටය ලෙසද චත්‍රාක් සිනමා ඉතිහාසයට එක්ව තිබෙනවා. විදෙස් පුරවසිබවක්ද රහිත ශ්‍රී ලාංකිකයකුට කැමරාකරණය උදෙසා අන්තර්ජාතික සිනමා උළෙලකදී සම්මානයක් හිමිවූ පළමු විදේශීය සිනමාපටය ලෙසත් චත්‍රාක් විශේෂ වටිනාකමක් දරන සිනමාපටයක්. 2011 වසරේ නිෂ්පාදනය කොට වසර 09 කට පසුව සිනමා ශාලා වෙත නිළ වශයෙන් මුදාහරින මේ චිත්‍රපටයේ කැමරාකරණය චන්න දේශප්‍රිය විසින් සිදුකොට තිබෙනවා.
2021 ජනවාරි 08 වැනිදා  සිට Amity Lite- මහරගම, MaxX Lite- මොරටුව, Vista Lite- ජා ඇල, Sky Lite- මාතර ඇතුළු සිනමාශාලාවලදී තිරගත කෙරෙනවා. ඉංග්‍රීසි උපසිරැසි සහිතව තිරගත කෙරෙන මේ සම්මානනීය සිනමාපටය නැරඹීමට ඔබේ කාලසටහෙන් ඉඩක් වෙන්කර තබාගන්න.
මුලාශ්‍ර – උදිත ලක්මාල් කහඳවආරච්චිගෙන්
Trailer  : https://youtu.be/VlneVQucyjI

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>