Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

සිනමාහල් සඳහා දෙවසරක බදු සහනයක්

$
0
0

වසර දෙකක කාලයක් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි  සිනමාහල් සඳහාවූ විනෝද බද්ද අයකිරීම අත්හිටුවීමට රජය තීරණය කොට තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වනවා.

වසර දෙකක කාලයක් සඳහා සහන ලබාදෙන ලෙස සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් රජයෙන් ඉල්ලීම් කොට තිබුනා. ඒ අනුව මෙම පියවර ගත බව අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයේ සඳහන් වනවා. මිට පෙර 5% සිට 25% දක්වා වන බදු  ප්‍රතිශත වලින් අය කිරීමට පළාත් පාලන ආයතන වලට බලය පැවරී තිබුනා. නමුත් සමස්ථ දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද අවලංගු කොට වසර දෙකක බදු සහන ලබා දීමට රාජ්‍ය සේවා, පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ.කේ. රත්නසිරි සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන අනුමැතිය ලබාදී ඇති බව නිවේදනයේ සඳහන්.

ඒ අනුව 2021 සහ 2022 දෙවසර සඳහා මෙම බදු සහනය ක්‍රියාත්මක වනු ඇති. කොරෝනා වසංගතය හේතුවෙන්  විනොදාස්වාදන කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ අතර, පසුගිය වසරේ වැඩිම කාලයක් සිනමාහල් වසා දැමීමට කටයුතු කෙරුනේ වසංගතය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් වශයෙනුයි. කෙසේ නමුත් මෙම බදු සහනය ලබාදීම කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා රුකුලක් වනු ඇතැයි කර්මාන්තයේ නියැලෙන්නන්ගේ අදහස වී තිබෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>