Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

ජයන්ත අයියේ ෆිල්ම් එක හරිම ලස්සනයි හැබැයි..?

$
0
0

‘සමනල සංධ්වනිය’ ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රවීණ සිනමාකරුවාගේ අලුත්ම චිත්‍රපටය. තරංගනී සිනමා ශාලාවේ පුවත්පත් කලාවේදීන්ට, හිතවතුන්ට ප්‍රදර්ශනය කරන වග දන්වා නිෂ්පාදක මා සොයුරු රුවන් ජයසිංහගෙන් ලද ආරාධනාවකට ඒ පැත්තට ගියා. රථගාල අතුරු සිදුරු නැතිව පිරී තිබුණා. ඒ මේ සඳහා බොහෝ දෙනාගේ පැමිණීම සනාථ කරමින්. චිත්‍රපට සංස්ථා ප්‍රදර්ශන මණ්ඩලයට කොළඹ සිනමා ශාලාවක් නැති අඩුව කාලයක සිට දැනෙනවා. මේ ශාලාව ඒ සඳහා යොදාගන්නේ නම් කෙතරම් අපූරුද? නමුත් මොන මොනවා හෝ හේතු ඇති, එසේ නොවන්නට. ආලින්දයේ දන්නා කියන බොහෝ දෙනා සිටියා.

ඒ මුහුණු අතරට මමත් එකතු වුණේ බොහොම කැමැත්තෙන්. අසා තිබුණු විදියට මේ චිත්‍රපටය හරිම ලස්සනයිලු. මරුලු. 5.30 වෙනකොට ශාලාව පිරුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් යුවළ හරියටම වෙලාවට ආවා. ඉන්පසු මිනිත්තු මිනිත්තු ගත වුණා. විනාඩි 15ක් 20ක් විතර ගතවුණා. නමුත් වැඩේ පටන් ගැනුණේ නෑ.

මම ඉන්න පේළියේ ආසන 4ක් කවුදො කෙනෙක් කාටවත් වාඩිවෙන්න නොදී ආරක්‍ෂා කරමින් සිටියා. අපි හිතුවා මේ ප්‍රමාදය මේ 4 දෙනා එනතුරු කියලා. ලංකාවේ වෙලාවට වැඩ නොකෙරෙන එක හා ආරාධිතයන් වෙලාවට නොපැමිණීම ඒපබ එකක් හා ලංකාවට ආවේණික ලක්‍ෂණයක්. ඒ නිසාම ඉවසාගෙන කයියක් ගසමින් සිටියා. තවත් ටික වෙලාවකින් ජයන්ත අයියා ඉස්සරහ තිබුණු මයික් එක ළඟට ආවා. පැමිණි හැමෝම පිළිගන්න. මේ ප්‍රමාදය අපේ නෙවේ. නවීන තාක්‍ෂණයෙන් පරිපූර්ණ චිත්‍රපට සංස්ථා ශාලාවේ කාර්මික දෝෂයක් බව පැවැසුවා. ඒ කටයුත්ත භාරව සිටින සියලුම ආරක්‍ෂක දෙවි දේවතාවුන් හැකි ඉක්මනින්ම මෙය යථා තත්ත්වයට පත්කරන බව පවසනවා යැයි ඔහු කිව්වා.

විශේෂ අවස්ථාවක් සඳහා පමණක් යොදා ගන්නා නවීන තාක්‍ෂණයෙන් පරිපූර්ණ තරංගනී සිනමා ශාලාවේ කාර්මික දෝෂය ගොඩගන්න පැයක් පමණ ගත වුණා. පසුව ලැබුණු ආරංචිය,dts හඬ පටය පිළිබඳ ගැටලුව නිරාකරණය කරගැනීමට නොහැකිව කොළඹ වෙනත් ශාලාවකින් අවශ්‍ය උපකරණ ගෙනැවිත් සවිකර තිබුණා. (අපට අදාළ නොවේ.)

ටික වේලාවකින් ජයන්ත චන්ද්‍රසිරි ඔහුගේ සිනමා රූප, සිනමා රීති, දෙබස් හරහා අපිට ආදරය ගැන ජීවිතය ගැන මොනවද කියන්න පටන් ගත්තා. හිතට අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. ඩිජිටල් තාක්‍ෂණයෙන් රූප ගැන්වූ රුවන් කොස්තාගේ රූප කතා කරන්න ගත්තා. එන්න එන්නම චිත්‍රපටයේ රූප ශබ්ද බලවත් වෙන්න පටන් ගන්නවා. ජයන්ත අයියා ඔහුගේ සිනමා භාවිතය වෙනත් තැනකට හරවලා. ආදරය ගැන ජීවිතය ගැන අමුතුම ඛ්ධථථඥපජඪචත ජ්ඪතථ එකක් ජයන්ත අයියා පෙන්නගෙන යනවා. හිටපු ගමන් වැඩේට ගැළපෙන්නේ නැති තැනක් දෙකක් ආවා. ගෑනු ළමයින්ගේ බෝඩිම, පාර්ක් එකේ විහිළු කරන දෙන්නා, එහෙමත් නැත්නම් චණ්ඩි දෙන්නා. ඒවා ටිකක් ඕනෑවට වැඩියි කියලා හිතුණා. මහා බරපතළ හැඟීම් දැනීම් ගොඩක් අස්සේ හිනාවෙන්න ඕන කියලා හිතෙන දෙබස් කිහිපයක්ම තිබුණා. හැබැයි හැමෝගෙම හිනාව හිරවෙලා තිබුණා. හිනාව එළියට ආවේ නැහැ.

පුංචි කොලුගැටයා (සූර්යා) උද්දික, පුබුදු අපිත් එක්ක එකට ඉඳගෙන මේ කතාව කියන වග දැනුණා. රුවන් කොස්තා මගේ එහා පැත්තේ. ඔහු මගේ ගජ මිතුරෙක්. මා එතරම් එකඟ නොවූ රූප පෙළක් දුටුවා ගීතයක. මම ඔහුගෙන් විමසුවා ඇයි මේ කියලා. ඔහු හේතුව කිව්වා. මම එකඟ නෑ. එහෙම වෙන්න පුළුවන්. චිත්‍රපටයේ හැටියට 2012.12.12 රාත්‍රි ප්‍රසංගය. එතැනින් එහාට චිත්‍රපටයයි අපියි දෙගොල්ලොම එකම තැනකට වැටුණා කියලා මට හිතුණා. ඇඬෙන්න ඔන්න මෙන්න වගේ තැන් තිබුණා. හිත තද කරගෙන හිටියා. නළුවෙකුට හෝ නිළියකට චිත්‍රපටයක රඟපාන්න තියෙන දර්ශන ගණන අදාළ නෑ කියලා යශෝධා අපට හැඟෙව්වා. යශෝධා ඔයා හරිම අපූරුවට ඒ ප්‍රධාන නිළියගේ දර්ශන කිහිපය රඟපෑවා. රඟපෑවෙ නැහැ අපිත් එක්කම හිටියා. ගොඩක් කාලෙකට පස්සේ හැමෝගෙම හිත් ඇතුළේ පොරබදින ආදරවන්තයා එක්ක කතා කරන වග දැනුණා. බොහොම කාලෙකට පස්සේ ආයෙමත් ආදර සිනමාවක් දැක්කා. ජයන්ත අයියේ චිත්‍රපටය හරිම ලස්සනයි…

හැබැයි පරිස්සමින් කවුරු හෝ ලකුණු දාගන්න ඕන, සිනමාව පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා මෝඩ මාධ්‍යවේදියෙක් තැපැල් නිලධාරීන්ට අපහාසයක් වූවා යැයි කියමින් උද්ඝෝෂණය කොට චිත්‍රපටය නතර කරවන්නට ඉඩ තියෙනවා. ‘සමනල සංධ්වනිය’ අපේ වාණිජ සිනමාවට සමනල පියාපතක් වේවා.

 

කැලුම් පාලිත මහීරත්න – mawbima

Share

The post ජයන්ත අයියේ ෆිල්ම් එක හරිම ලස්සනයි හැබැයි..? appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles