Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

RADHE –ඇත්තටම සද්දෙ විතරද..?

$
0
0

බොලිවුඩ් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් ලෝකය පුරාම විසිර සිටිනවා වගේම අපේ රටෙත් බොලිවුඩ් සිනමාවට කැමති වෙනම ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා. මෙන්න මේ කියන රසිකයින් නොඉවසිල්ලෙන් බලාගෙන සිටි චිත්‍රපටයක් පසුගියදා නිකුත් වුනා. ඒ, බොලිවුඩ් සිනමා තරුවක් වූ සල්මන් ඛාන්ගේ Radhe චිත්රපටිය. සුපුරුදු පරිදිම සල්මන්ගෙන් අපිට දැකගන්න ලැබෙන මාස් මසාලා කතාවක් වගේම Drugs සහ පොලිසිය අතර සිද්ධ වෙන ගනුදෙණුවක් තමයි චිත්රපටියට මූලික වෙලා තියන්නේ. සල්මන්ගේ රසිකයන්ට හොඳ චිත්රපටියක් වුණත්, සමස්තයක් විදිහට Radhe වෙනුවෙන් ලැබුණේ අයහපත් ප්රතිචාරමයි.

2.1/10ක් විදිහට සල්මන්ගේ රංගන ජීවිතයේ අඩුම IMDb අගය වාර්තා කළෙත් ඊයේ නිකුත් කරපු චිත්‍රපටයත් Radheමයි. ප්රභූ දේවා තමයි මේ  Radhe චිත්රපටය අධ්යක්ශණය කළේ. නමුත් Radhe සමඟ බොහෝ ප්රේක්ෂයකන්ට තහවුරු වුණු කාරණයක් තමයි සල්මන් + ප්රභූ දේවා සුසංයෝගයේ අසාර්ථක බව. බොහොම දුර්වල තිරපිටපතකට නිර්මාණය කරපු Radhe සිනමාපටයෙ VFX ගැනත් ලොකු අවධානයක් දීලා තිබුණෙ නැහැ. නමුත් මාස් මසාලාවකටම ගැලපෙන්න නිර්මාණය වුණ Background Music නිසා චිත්‍රපටයට විශේෂ වර්ණයක් එකතු වන බව කිව යුතුමයි. ඒ වගේම විලන් විදිහට රඟපාන රන්දීප් හූඩාගේ රංගනය චිත්රපටියට දෙන්න පුලුවන් තවත් හොඳ Plus Point එකක්.

2017 අවුරුද්දේ නිර්මාණය වුනු කොරියානු චිත්‍රපටයක් වුනු The Outlaws චිත්‍රපටය පාදක කරගෙන තමයි Radhe පිටපත නිර්මාණය කෙරෙන්නෙ. තිර රචනය සහ දෙබස් නිර්මාණය කලේ A.C. Mugil සමගින් Vijay Maurya විසින්. 2019 අවුරුද්දේ නොවැම්බර් මාසේ වැඩකටයුතු ආරම්භ කළ මේ චිත්‍රපටයත් අවාසනාවන්ත විදිහට කොරෝනා වාන්ගතයේ තර්ජනයට මුහුණ දුන්නා. ඒ නිසාම චිත්‍රපටය අවසන් කරගන්න ඔවුන්ට හැකිවුණේ 2020 සැප්තැම්බර් මාසයේදීයි. සැළසුම් අනුව සිනමාශාලා වල චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව තිබුනේ 2020 මයි 22 වැනිදා. ඒ සියලු සැළසුම් වෙනස් කරගන්න නිෂ්පාදක කණ්ඩායමට සිදුවුනා. ප්‍රභූ දෙවාගේ අධ්‍යක්ෂණය යටතේ Salman Khan, Disha Patani, Randeep Hooda, Jackie Shroff ඇතුළු නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.ඔවුන්ගේ රංග කාර්ය කොහොමද කියල චිත්‍රපටය නරඹලාම තීරණය කරන්න කියල අපි ඔබට ආරාධනා කරනවා.

ඒ කෙසේ නමුත්, පළමු දිනයේදීම Zeeplex OTT ප්ලැට්ෆෝමය හරහා මිලියන 4.2ක නැරඹුම්වාර සංඛ්යාවක් ලබා ගනිමින් කෝටි 100කට අධික ආදායමක් ලබාගන්න Radhe සමත් වුණ බවත් නොකියාම බැහැ. ඔබත්, සල්මාන් ඛාන්ගේ රසිකයෙකු හෝ Masala චිත්රපට නරඹන්නෙකු නම් Radhe ඔබටත් ගැළපෙන්න ඉඩකඩ තියෙනවා.

 

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>