
John Wick චිත්‍රපට මාලාව මුල ඉඳන් මේ වෙනකන්ම Continue වුණේ සෑහෙන සාර්ථකත්වයක් සමඟයි. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් වගේම විශාල Box-Office ආදායමකුත්, මේ John Wick සිනමාපට ත්‍රිත්වයටම ලැබුණා. ඒ නිසාම මේ දිනවල රූගත කිරීම් සිදුවන John Wick: Chapter 04 සඳහාත් ලෝ පුරා විශාල රසික ආකර්ෂණයක් ලැබිලා අවසන්. Keanu Reeves ප්‍රධාන රංගනයෙන් දායක වෙන John Wick චිත්‍රපට මාලාවේ සිව්වන දිගහැරුම පිළිබඳව නවතම තොරතුරු රාශියක්ම මේ දිනවල මාධ්‍යයට අනාවරණය වුණා.
IP Man, ජෝන් වික් වෙනුවෙන්…
ඔබ ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් IP Man චිත්‍රපට මාලාවත් නිසැකවම නරඹලා ඇති. ඒවායේ IP Man ලෙසින් රංගනයේ යෙදුණු Donnie Yen වර්තමානයේ සිටින දක්ෂතම සහ ජනප්‍රියතම මාෂල් ආටිස්ට් කෙනෙක්. නවතම තොරතුරුවලට අනුව John Wick සිව්වන චිත්‍රපටියෙන් ඩොනී යෙන්වත් දැකගන්න හැකියාව ලැබෙනවාලු. ජෝන් වික්ගේ පැරණි මිත්‍රයෙක්ගේ චරිතයක් තමයි Donnie වෙනුවෙන් ලියැවිලා තියන්නේ.
පොප් ගායිකා Rina Sawayamaගේ පළමු රංගනය…
බ්‍රිතාන්‍ය-ජපන් පොප් ගායිකා Rina Sawayamaගේ පළමු සිනමා රංගනයද Keanu Reeves රඟන John Wick සිව්වන චිත්‍රපටිය හරහා දැකගැනීමට හැකියි. නමුත් ඇගේ චරිතය කුමක්ද යන්න තවමත් අණාවරණය වී නැහැ. ජපානයේ උපත ලද ඇය වසර ගණනක සිට ජීවත් වන්නේ උතුරු ලන්ඩනයේයි. පොප් ගායිකාවක ලෙස යම් සාර්ථකත්වයක් ලබමින් සිටින ඇගේ රංගන ජීවිතය කෙබඳු වේ දැයි John Wick තුළින්ම ඉදිරියේදී තීරණය වේවි.
ජෝන් වික්ට එකතු වෙන IT හි Pennywise…
John Wick චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂක Chad Stahelski විසින් Bill Skarsgard සමඟද යම් සාකච්ඡාවක් පවත්වා ඇති බවට අන්තර්ජාලයේ සඳහන් වෙනවා. ස්වීඩන් ජාතික රංගන ශිල්පියෙකු වන බිල්ව ප්‍රේක්ෂකයින් අතරේ වැඩියෙන්ම ජනප්‍රිය වුණේ IT චිත්‍රපට ද්විත්වයේ Pennywiseගේ චරිතයෙනුයි. John Wick තුළ ඔහුගේ රංගනය බොහෝ දුරට ප්‍රතිවීර චරිතයක් වන්නට ඉඩ තියෙනවා.