
2020 අවුරුද්දේ Netflix හරහා එළිදැක්වූ 365 Days චිත්‍රපටය ලෝකය පුරා ප්‍රසිද්ද වුනා. ජනප්‍රිය වුනා කියනවටත් වඩා ප්‍රසිද්ද වුනා කියන එක වඩා වැදගත්. ප්‍රේක්ෂකයින් වෙතින් ලැබුනේ මිශ්‍ර ප්‍රතිචාරයක්. සමහරු මේ Erotic චිත්‍රපටයට කැමැත්ත ප්‍රකාශ කළා වගේම Porn movie එකකට ආසන්න නිෂ්පාදනයක් විතරමයි කියල තවත් සමහරු චෝදනාත්මකව අදහස් ප්‍රකාශ කරලත් තිබුනා. ඒ කොහොම වුනත්, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වුනු Massimo Torricelli කියන චරිතය රඟපෑ Michele Morrone නම් ලෝකය පුරාම සිටින සිනමා රසිකයින්ගේ අවධානයට ලක්වුනා. ඔහු අතිශය ජනප්‍රිය තරුවක් බවට පත්වුනා.
මේ ජනප්‍රිය නළුවා බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වන බවට ආරංචියක් පසුගියදා වෙබ් අඩවි මගින් වාර්තා කොට තිබුනා. මේ කතාව ඇත්තක්ද..? ඉන්දීය චිත්‍රපට නිෂ්පාදක Karan Johar ගේ Dharma Productions ආයතනය Michele සමග සම්බන්ධ වී ඇති බවත් ඔවුන්ගේ නිෂ්පාදනයක Michele රංගනයෙන් දායක වනු ඇති බවටත් මේ බොලිවුඩ් මාධ්‍ය වාර්තා වලින් කියවුනා. මේ කතාව තවත් තහවුරු වන්නේ Michele Morrone සම්මුඛ සාකච්ඡා කිහිපයකදීම පලකොට තිබූ අදහස් නිසයි. තමන් බොලිවුඩ් චිත්‍රපටයකට දායක වීමට කැමැත්තෙන් සිටින බවත්, තමාට සතුටු විය හැකි මට්ටමේ පිටපතක් සමග ව්‍යාපෘතියකට ආරාධනාවක් ලැබුන හොත් බොලිවුඩ් නිර්මාණයකට දායක වන බවත් ඔහු පවසා තිබුන නිසා මේ පුවත තරමක් සනාථ වන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කොහොම වුනත් ඔහු බොලිවුඩයට එනවා කියන ආරංචිය නම්, ඔහුගේ ආසියානු රසිකයින්ට හොඳ ආරංචියක් වී තිබුනා.
Michele කියන්නෙ පසුගිය කාලය පුරාම Social media වල පුවත් මවන චරිතයක් වුනා. පසුගිය දවසක ඔහු සිය Instagram පිටුවේ පළකොට තිබු පින්තූරයක් නිසා ඔහු තමන්ගේ Sexual Orientation එක ගැන විවෘත වී ඇති බවටත් සටහන් පලවී තිබුනා. ඔහු ඒ පින්තූරයට යොදා තිබුන Caption එකත් මේ කතා වලට හේතු වන්නට ඇති. “I’m a liar” යනුවෙනුයි ඔහු Caption එක යොදා තිබුනේ. කොහොම නමුත් එය සාමාන්‍ය Selfie එකක් පමණක් බව ඔහු පවසා තිබුනා. “Guys, it was just a picture. Nothing more. And by the way…I’m a very big supporter of the LGBT community. But we’re just talking about a normal picture. I didn’t come out (as gay).” යනුවෙන් ඔහු පසුව ප්‍රතිචාර දක්වා තිබුනා. කොහොම නමුත් මීළඟ බොලිවුඩ් Hit එක වීමට Michele Morrone ට හැකිවනු ඇති බවට බොලිවුඩ් රසිකයින් අනාවැකි පල කරනවා.