
SS Rajamouli අධ්‍යක්ෂණය කරන RRR සිනමාපටය බොහෝ කාලයක පටන් ඉන්දියානු සිනමා රසිකයින් උන්මාදයෙන් බලන් ඉන්න නිර්මාණයක්. කෝටි 400ක පමණ නිෂ්පාදන පිරිවැයකින් නිපදවෙන මේ දැවැන්ත නිර්මාණයේ ප්‍රධාන චරිත ද්විත්වය රඟ දක්වන්නේ N. T. Rama Rao Jr. සහ Ram Charan කියන ප්‍රසිද්ධ තෙළෙඟු නළුවන් දෙදෙනායි. ඊට අමතරව Ajay Devgn, Alia Bhatt, Spandan Chaturvedi, Samuthirakani සහ Shriya Saran වැනි ප්‍රධාන පෙළේ ප්‍රාන්තීය රංගන ශිල්පීන් ගණනාවකුත් චිත්‍රපටයට එකතු වෙලා ඉන්නවා. රූගත කිරීම් ඇරඹීමටත් පෙර සිටම දැවැන්ත hype එකක් ගොඩ නැඟිලා තිබුණත්, යම් විශේෂ කාරණයක් නිසා මේ දිනවල ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකාගාරයේ උණුසුම්ම මාතෘකාව බවට පත් වෙන්නට RRR චිත්‍රපටයට හැකියාව ලැබුණා. ඒ විශේෂ කාරණාව තමයි RRR සිනමාපටයේ audio rights ගණුදෙණුව.
RRR සිනමාපටයේ audio rights මිලදී ගත්තේ Bhushan Kumarගේ T-Series සහ Lahari Music ආයතන ද්විත්වය එකතු වෙලා. සිනමාපටය භාෂා 10කින් පමණ නිකුත් වීමට නියමිත නිසා ඔවුන් විසින් මේ මිලදී ගත්තේ හින්දි භාෂාවට අදාළ පමණක් නම් නෙමෙයි. හින්දි සහ සියලුම දකුණු ඉන්දීය භාෂාවල audio rights ඔවුන් විසින් මිලදී ගත් බවයි දැනගන්නට ලැබෙන්නේ.
එතකොට කොහොමද මේ ගණුදෙනුව විශේෂ වෙන්නේ?
ඒකට හේතුව තමයි මේ වෙනුවෙන් ඔවුන් ගෙවපු මුදල… විශ්වාසදායක ආරංචිමාර්ගවල පැවසෙන ආකාරයට T-Series, Lahari Music ආයතන ද්විත්වයෙන් RRR නිෂ්පාදකයින්ට ඉන්දීය කෝටි 26ක් ගෙවලා තියෙනවා. මේ තමයි මෙතෙක් ඉන්දීය සිනමා ඉතිහාසයේ, චිත්‍රපටයක Audio අයිතීන් වෙනුවෙන් ගෙවනු ලැබූ ඉහළම මුදල විදිහට හැඳින්වෙන්නේ…
- RRR – 25Cr (All Languages)
- Saaho – 22Cr (All Languages)
- Baahubali2 – 10Cr (All Languages)
- Syeraa – 10Cr (All Languages)
- KGFChapter2 – 7.2Cr (All Languages)
- 2PointO – 5.2Cr (All Languages)
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව සටන් වැදුණු ඉන්දීය විමුක්තිකාමීන් දෙදෙනෙක් වන අල්ලූරි සීතා රාමරාජු සහ කොමාරම් බීම්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුණු RRR චිත්‍රපටය, තෙළංගානා ප්‍රාන්තයට පමණක් සීමා නොවුණු Pan-Indian Movie එකක් විදිහට හඳුන්වන්න හැකියාව තිබෙනවා. ඔක්තෝබර් මස 13වනදා ඉන්දියාව පුරා තිරගත වන බවට දැනට දැනුම් දීලා තිබුණත් කෝවිඩ් වසංගත තත්වය නිසා නිශ්චිතවම ඒ ගැන සහතික වෙන්නටත් බැහැ. නමුත් චිත්‍රපටයේ පළමු ගීතය මෙම අගෝස්තු 01වනදා නිකුත් කරන බවට ඔවුන් conform කළා. MM Keeravaaniගේ සංගීත සංයෝජනයෙන් යුතුව තෙළෙඟු, හින්දි, දෙමළ, කන්නඩ සහ මලයාලම් කියන භාෂා 05න්ම පළවෙනි single එක නිකුත් කරන්නට ඔවුන් සූදානම්. ගීතයට දායක වුන ශිල්පීන් මෙසේයි.
Tamil
ගායනය : Anirudh
පද රචනය : Madhan Karky
Hindi
ගායනය : Amit Trivedi
පද රචනය : Riya Mukherjee
Thelegu
ගායනය : Hema Chandra
පද රචනය : Sirivennela Sitaramasastri
Malayalam
ගායනය : Vijay Yesudas
Kannada
ගායනය : Yazin Nizar